24 වන පරිච්ඡේදය

1.4K 43 22
                                    

මුලු රැයක් පුරා හිත රිදවන හැගීම් එක්ක පොර බැදපු සාරන්‍ය ටික මොහොතකට හරි ඇහැපියව ගත්තේ ඊලග දවසේ උදේ.
එදා දවස නිවාඩු දවසක් උන නිසා සාරන්‍ය  මුලු දවසම ගෙදරට වෙලා ගත කරා.

රන්වීර් තමන්ට මොනව කරත් සාරන්‍ය ගෙ  හිත තාමත්  හොයන්නේ, හිතන්නේ රන්වීර් ව. ඒකත් කදුලු පිරි දෙනෙතින්. කලින් පාලනය කර ගත්ත වේදනාව දැන් නම් තවත් හංගන් ඉන්න බැරි තරම්. සාරන්‍ය  phone එක අතට ගත්තේ රන්වීර් ට කතා කරනවා කියලා හිතන්. ඒත් වැඩක් උනේ නෑ. ආන්සර් කරේ නෑ. තවත් ටික මොහොතකින් අරන් බැලුවම ඒ ඇමතූ පුද්ගලයා ආවරණ කලාපයෙන් බැහැරව ඇත. සාරන්‍ය ලොකු හුස්මක් පහලට හෙලුවේ කමක් නෑ කියන්න වගේ.

සාරන්‍ය ඇදෙන් නැගිටලා ගියේ ඇදුම් කබඩ් එක ලගට. ඇතුලේ තියලා එලියට ගත්තේ හරි ලස්සනට දම්පාටින් රැපින් කරලා දම් පාට ලොකු බෝ එකක් ගහපු පාර්සල් එකක්. සාරන්‍ය ඒකත් අරන් ඇදෙන් ඉදගත්තේ හරිම ආදරෙන් ඒක පිරිමදින ගමන්. ඒ වෙන මුකුත් නෙමෙයි තව දවස් දෙකකින් එන රන්වීර් ගෙ උපන් දිනය වෙනුවෙන් මසයකටත් කලින් ඉදන් ලෑස්ති කරපු තෑග්ග. සාරන්‍ය ට ඒක ගත්තේ රන්වීර් කැමතිම විදිහට. රන්වීර් ගෙ හිතේ මොනවා තිබුනත් සාරන්‍ය හිටියේ මේ තෑග්ග රන්වීර් ට දෙනකන් ඉවසීමක් නැතුව. හැබැයි එක මොහොතක එයාට තිබුන එකම ප්‍රශ්නය උනේ ,

" මං කොහොමද මේක රන්වීර් ට  දෙන්නේ."

"මං දුන්නත් මේක අරගනියිද"

" මට බනයිද"

එකින් එකට ප්‍රශ්න මතු උනේ අඩුම තරමේ මූන වත් බලන්නේ නැති මොහොතක උපන් දින තෑග්ගක් දෙන විදිය කල්පනා කරන් මොහොතකයි.

" කමක් නෑ ඕන දෙයක් උනදෙන්"

සාරන්‍ය තමන්ටම කියාගත්තේ වෙන ඕන දෙයක් බාර ගන්නවා කියලා හිතාගෙන.

........................................................................

ඉතින් ඊලග දවසේ උපන් දිනය සමරන රන්වීර් වෙනුවෙන් සුභ පතන්න සාරන්‍ය  බලන් හිටියේ රෑ වෙනකන්. ඒ හෝරා ගනන ගෙවිලා යනවත් එක්කම මධ්‍යම රාත්‍රි 12 ට සාරන්‍ය phone එක අතට ගත්තේ රන්වීර් ට සුභ පතන්න.

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now