රසික ඉක්මනටම එන්න කියලා වැඩිවෙලාවක් යන්නත් කලින් කකුල් වලින් එන වේගෙට වඩා වැඩිවේගයකින් සාරන්ය පහලට ඇවිත් නතර උනේ රන්වීර් ගෙ කකුල් දෙක අස්සේ. කාටවත් හිතාගන්න බැරි විදිහට සාරන්ය පඩි විස්සක් විතර උඩ ඉදන් පහලට ඇදුනේ පියවි සිහියෙන්නම් නොවේ.
" සාරන්ය .. "
" යකෝ නැගිටපන්"
" ඒ මූව උස්සලා ගමු . වරෙන් කට්ටිය"රසික සාරන්යට කතා කරත් සාරන්ය ගෙ කිසිම ප්රතිචාරයක් තිබ්බෙ නෑ. ඒත් එක්කම කට්ටියට කතා කරලා සාරන්ය ව උස්සන්න හැදුවත්,
" හිටපන් මං ගන්නම්"
රන්වීර් ඉදිරිපත් උනේ තනියෙන්ම සාරන්ය ව අර ගන්නයි. ඉතින් රන්වීර් කිව්වත් වගේම සාරන්ය ව හරහට දෑතට අරගෙන මහ ගිරි දබේ නැග්ගා. පන්තිය ට ගිහින් දිගා කරලා වතුර ටිකක් ඉස්සත් ටික වෙලවාක් යනක්න් සාරන්ය නැගිට්ටේ නෑ. ටික වෙලාවකින් සාරන්ය ඇස් ඇරියෙ තිබුන වේදනවට කෙදිරි ගාමින්. මොකද වැටෙන වෙලාවෙ එයගෙ ඔලුවයි කොන්දයි කීප වතාවක්ම පඩි වල වැදුන නිසා. සාරන්යට ටිකක් අමාරු නිසා සාරන්ය ව hospital එකට වෙනකන්මන් අරන් ගියා. ඉතින් සාරන්ය ගෙ ඇග දුර්වල වෙලා තිබ්බ නිසාත් එයාට කන්න අමාරු නිසත් සේලයින් දෙන්නත් උනා. රන්වීරුත් එතනින් හෙලවුනේවත් නෑ රන්වීර් ගෙ මුහුනෙත් කිසියම් වේදනාවක් තිබ්බා කිව්වොත් වැරදි නෑ.
" Doctor , සාරන්ය ට මොකද වෙලා තියෙන්නේ"
රන්වීර් doctor එලියට එනවත් එක්කම ඇහුවා.
" තාම මුකුත් කියන්න බෑ. Reports ආවම බලමු අපි."
" okey doctor . Thank you "
රන්වීර් ට සාරන්ය ගෙ තත්වය දැන ගන්න ඕන උනත් බැරි උනා.
" පුතේ සාරන්යට මොකද උනේ"
ඒ මොහොතෙම සාරන්ය ගෙ අම්මා කලබලයෙන් ආවේ පණිවිඩය ලැබුන ගමන්මයි. රන්වීරුත් වෙච්ච සිද්දිය පැහැදිලි කරා.
" Doctor මොකද කිව්වේ පුතේ"
" තාම හරියට දන්නේ නෑ ඇන්ටි. Report ආවම තමා කියන්න පුලිවන් කිව්වෙ. "
" එහෙමද පුතේ . හරි බලමුකො ඒනම්"
අම්මයි රන්වීරුයි දෙන්නම බලන් හිටියේ reports එනකන්.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...