5 වන පරිච්ඡේදය

2.3K 54 2
                                    

" පුතේ නැගිටින්න .."

එහෙම කියාගෙන  සාරන්‍ය ගෙ අම්මා  සාරන්‍ය ගෙ  කාමරයට  ලගට ගිහින් දොරට තට්ටු කරා. සාරන්‍යගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා අම්මා දොරත් ඇරගෙන ලයිට් එකත් දාගෙන සාරන්‍ය  ලගට ගියා. ඒ වෙලාවෙ අම්මට දකින්න පුලුවන් උනේ, මුලු ඇගම දහඩියෙන් තෙත් වෙලා , සිහින් කෙදිරියත් එක්ක  , වෙව්ලමින් ඉන්න සාරන්‍ය ව. අම්මා  ඉක්මනින්  නළලට අත තියලා බැලුවම යි තේරුනේ ඇගට ඉරිගු දැම්මොත් පොරි වෙන තරමට සාරන්‍යට  උණ කියලා.

" පුතේ ඔයාට  හොදට ම උණ. ඉන්න  මං බෙහෙත් අරන් එන්නම්. "

" ම්ම්."

සාරන්‍ය තිබ්බ ඇගේ අමාරුවට කිව්වෙ එච්චරයි . අම්මා  පෙනඩෝලුත් එක්ක තෙත රෙදි කෑල්ලක් අරන් ආවේ සාරන්‍ය ව තෙත මාත්තු කරන්න. සාරන්‍යට බෙහෙත් දීලා තෙතමාත්තු කරන අම්මව දැකපු දෙයින් ගැස්සිලා  ගියා.

" පුතේ අපි ඉක්මනින් ම hospital  එකට යමු. "

අම්මා ඒම කිව්වෙ    , සාරන්‍යගෙ අතට වෙලා තිබ්බ  සර්ප දෂ්ඨනය දැකලා.

"පුතේ කොයි වෙලවෙද මේක් උනේ."

සාරන්‍යට  කතා කර ගන්න වත් ඇගට පන නෑ . ඒ නිසා ඉක්මනිනම අම්මා සාරන්‍යවත් අරන් ඉක්මනින් ම  hospital  යන්න  ලෑස්ති උනා. මේ වෙලාවේ සාරන්‍ය ගෙ අම්මට සාරන්‍යගෙ තාත්තා ගැන පුදුම කල කිරීමක්  ආවේ. මොකද කිසිම  හදිස්සියකට ඒ තාත්තා  ගෙදර  නැති නිසා.

කොහොම  හරි hospital  එකට ගිහිල්ලා OPD එකෙන් චෙක් කරන කොටයි දැන ගත්තේ එක සර්ප දෂ්ඨනය ක් නෙමෙයි කියලා. සාරන්‍ය  ඒක දැනන් හිටියත් තිබ්බ වේදනාව එක්ක ,ඒක් කියන්න  තරම් මානසිකත්වය ක් එයාට තිබ්බේ නෑ . Hospital එකෙන් චෙක්  කරාම කිව්වෙ එ තුවාලෙ පොඩි එකක් උනත් මොනා හරි බෙහෙතක් විෂ වෙලා ඒක ඇතුලෙන් නරක අතට හැරිලා කියලා..

" අපිට පුතාව ඇඩ්මිට් කරන්න වෙනවා. මොකද හොද අතට හැරෙන කල් ගෙදර  යවන්න බෑ, මේක බෙහෙත් විෂ වීමක් නිසා."

සාරන්‍ය ගෙ අම්මා  ඉතින්  සාරන්‍ය ව නවත්තාලා ගෙදර  යන්න  ලෑස්ති උනේ සාරන්‍ය ගෙ කලමනාව අරන්  එන්න.
Hospital  එකේදි සාරන්‍ය  සේලයින් දීලා වාට්ටුවකට දැම්මා.

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now