6 වන පරිච්ඡේදය

2.3K 54 3
                                    

" ළමයෝ ඕක දාලා හොදට සුද්ද කරලා දාන්න. එක පැල්ලමක් වත් ඉතුරු  නොවෙන්න."

" හරි මිස්"

බෝතලෙන් මූඩියක ප්‍රමාණයක්  වතුර බකට් එකට දාලා කවලම් කරන ළමයා දිහා රන්වීර්  බලන්  හිටියේ ඇහි පිළ්ලම් වත් නොගහා.

" හා හා තව දාන්න එපා. තව දැම්මොත් ඒම බිමත් එක්ක දිය වෙලා යයි."

ඝන්ඨාරි  මිස් කෑගැහුවා. ඒ එක්කම රන්වීර් ගැස්සිලා ඒ පන්තිය ඇතුලට යැවුනේ ඉබේටමයි. රන්වීර්  ඝන්දාරි  මිස් ලගට ගිහින් අතේ තිබ්බ බෝතලේ ඇදලා ගත්තේ ඒ හිටියේ මිස් කියලවත් සිහියක් නැතුව.

" Happy shine fast cleaner "

රන්වීර් තමන්ට ඇහෙන්න විතරක් බෝතලේ  ලේබල් එක කියෙව්වා.

" මෙහෙ දෙනවා ළමයෝ ඕක. කව්රු කියලා හිතන්ද ඔහොම හැසිරෙන්නෙ. මේ ළමයින්ගේ කිසි චාරයක් නෑ."

ඔහොම බැන බැන මිස් යද්දී  තමා රන්වීර්  පියවි සිහියට ආවේ. රන්වීර් ට දැන් තමා තේරුනේ සාරන්‍ය ගෙ  තුවාලේ මේකෙන් තමා අල උනේ කියලා. කොහොම උනත් රන්වීර්  හිටියේම ගෙදර  යන සිහියෙන් සාරන්‍ය ගෙ  තත්ත්වය  දැන ගන්න. රන්වීර් අද දවස ගෙව්වේ වරදකාමි හැගීමකින්.

රන්වීර් ට හිතට සැනසීමක් ආවෙ සාරන්‍ය ව  ගෙදර එක්කන් ආව කියලා සාරන්‍ය ගෙ අම්මා  දාලා තිබ්බ  msg එක දැක්කමයි.
රන්වීර්  එවෙලෙම සාරන්‍ය ට call එකක් ගත්තා.

" හෙලෝ , පුතා "

" ඇන්ටි  සාරන්‍ය  ට කොහොම  දැන් ? කතා කරන්න  පුලුවන් ද එයාට?"

" දැන් නම් ලොකු අමාරුවක් නෑ පුතේ. ඉන්න මන් එයාට දෙන්නම්. ඔයාලා කතා කරන්න කෝ."

" හරි  ඇන්ටි "
....................

" පුතේ  , මේ රන්වීර්  පුතා කතා කරනවා."

" හෙලෝ"

" හෙලෝ, දැන් මොකද  තත්වෙ"

" කොහෙන්ද නම්බරේ  හොයාගත්තේ."

" දැන්  ඒකද මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ".

ටිකක්  තද ස්වරයෙන් කතා කරපු සාරන්‍යට  රන්වීර් හිනාවෙලා එහෙම ඇහුවා.

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now