රන්වීර් සාරන්යට කතා කරේ තාමත් නොසෙල්වී රන්වීර් ගෙ තුරුලේ ගල් වෙලා හිටපු නිසා.
" සාරන්ය .. මොකෝ සද්ද නැත්තේ."
" මුකුත් නෑ"
සාරන්යට දැන් තමා හරි සිහිය ආවේ. සාරන්ය ත් දෑතම රන්වීර් පිට මත යවලා බදාගත්තේ හරිම් ආදරණීය විදිහට .
මොකද රන්වීර් ලග නැතුව හිටපු දින ගනන සාරන්යට සසරක් වගේ දැනුනා. ඒ සසරෙම දුක් ගිනි නිවන්නේ ඒ වැලදගැනීමට පුලුවන් උනා." මං ගිහින් එන්නම් එහෙනම්. "
" හ්ම්.. පරිස්සමෙන් ගිහින් එන්න. ගිහින් මට msg එකක් දාන්න අනිවාරෙන්."
සාරන්ය කිව්වෙ සැනසුම් සුසුමක් හෙලමින් .
" හෙට උදේට හම්බෙමු."
රන්වීර් එහෙම කියලා වාහනේට නැග්ගා.
සාරන්ය ත් රන්වීර් ඈතට යන දිහා නොපෙනෙනකන්ම බලන් හිටියා....රන්වීර් නොපෙනී යනකන් ඉදලා සාරන්ය ත් ගෙදරට ආවා. කෙලින්ම කාමරයට ආපු සාරන්ය ඇදෙන් වාඩි උනේ phone එකත් අතේ තියාගෙන. සාරන්ය බලන් හිටියේ රන්වීර් ගෙදර ගිහින් msg එකක් දානකන්. මොකද රෑ වෙලා නිසා රන්වීර් ගෙදරට යනකන් සාරන්ය ගෙ හිතට හරි නෑ." mn gedara awooo"
කොහොම හරි විනාඩි 10 කට විතර පස්සේ රන්වීර් ගෙ msg එක ආවා.
" ah elama elama enm . Udeta hambemu. Good Night "
" elama . Good Night "
සාරන්ය ත් ඊට පස්සේ wash දාගෙන ඇදට වැටුනේ අද දවසේ සිදුවීම් එකින් එකට මතක් කරමින්. සාරන්යට ඒවට තනියම හිනා. සාරන්ය මේ දේවල් එක්ක අයෙත් අවුරුද්දකින් අතීතයට ඇදිලා ගියේ රන්වීර් එක්ක මේ යාලූ කම් පටන් ගත්ත කාලෙ මතක් කරමින්. ඒ කාලයට දෙන්නම හැඩ රුවින් වෙනස් උනා වගේම රන්වීර් කෙසේවෙතත් සාරන්ය හැගීම් වලිනුත් වෙනස් උනා... සාරන්ය ආයෙත් බලන් හිටියේ උදේ වෙනකන් එයා කැමතිම මූන් උදේම දකින්න.
ඉතින් උදෙම අම්මා කතා කරපු ගමන් සාරන්ය නැගිටලා ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න ගියේ වෙනදටත් වඩා උද්යොගයෙන් . බස් එකට නැගපු ගමන් සාරන්ය හෙව්වේ රන්වීර් ව. සාරන්ය ට ඒ මූන හොයාගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. රන්වීර් ව දැකපු සාරන්ය එතනට ඇදිලා ගියේ හරියට බලු කුක්කෙක් තමන්ගේ අයිති කාරයා දැක්කම එතනට දුවන්නේ කොහොමද , ඒ වගේ. ගිහින් රන්වීර් ලගම හිටගත්ත සාරන්ය රන්වීර් ගෙ මූන දිහා බැලුවෙ තමන්ට දෙන්න පුලුවන් හුරතල්ම සිනහව එක්ක. සාරන්යට රන්වීර් දැක්කා කියන්නේ ඉතින් ඒ හැගීම අයේ අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ. ඒක සාරන්යගෙ මුලු දවසම එලිය කරා වගේ දෙයක්...
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...