ටික් ටික් සද්දෙට කැරකෙන ඔරලෝසු කටු කාමරේ මුණි වත බිදලා දැම්මේ හරි නොසන්ඩාල කමට.... කාලෙට පස්සේ මේඝ හාමුගේ කාමරේ ඩිංගකට චුට්ටක් වැඩියෙන් නිහඬ වෙලා තිබුන නිසාමද මන්ද ඔරලෝසුවෙ කන් කරච්චලේ හරි සද්දෙට ඇහුනා......එතකොට අර හිච්චි මිනිගෙඩිය වලව් වත්තෙන් තොලොන්චි වෙලා ගිහින් ද.....? නෑ නෑ... වලව්වත්තෙන් අඩි 4ක් පහක් යටට ගිහිල්ලා.....!
.
.
.
මං උන්නේ ඕනවාටත් වැඩිය නිහඩ උන කාමරේ ඇද විට්ටමට හේත්තු වෙලා.......ලා රෝස පාට අහස තැඹිලි පාට මලානික ඉර රැලි එක්ක හාද කම් කරද්දී.... ජනෙලෙන් පේන මයාකාර හවස් ජාමයක් සුරංගනා කතා පොතක ප්‍රේම වන්තයෝ ආදරෙන් වෙලෙන හෝරාවක් මතක් කලා....ඇරත් ඉර බැහැගෙන යන වෙලාවක ආආ...ලෙන් වෙලෙන්ඩ හිතන්නේ නැත්තම්...... උඹ තිරිසන් සතෙක්....!හප්පා අරූ මේ වෙලාවේ අප්පච්චි එක්ක වල හාරන එක හොදයි... නැත්තම් මටත් ඔය මගුලේ වෙලෙන්ඩ වෙනවා.... කට කොනට හිනා වෙච්ච තිරිසන් මන් මානික්කාවත පොතේ ඊලග පිටුව පෙරලුවා......මෙහෙම සැනසීමේ පොතක් කියෙව්වේ කොච්චර කාලෙකට පස්සේ ද බොල....? ආදරවන්තයෙක් වෙන්න කලින් අප්පච්චියෙක් උනාම ඕම තමයි ඉතින්....!ඇරත් මේ බිත්ති හතර ඇතුලේ සද්ද බද්ද නැතුව තිබ්බේ කොච්චර කාලෙකට පස්...
"මේඝ.. යෝඕඕඕඕඕ ..........!"
ආආ.... යිශ්.... කෑවා නේද......! විස්වාස කරනවා නං විස්වාස කරපන් මේ කාමරේ නිස්කලන්ක වෙන්ඩ එක්කෝ මූ ගොළු වෙන්ඩ ඕනෙ නැත්තම් මං බීරි වෙන්ඩ ඕනෙ....
"මොකද....!"
"මේඝ... යෝඕඕ...!"
කාමරේ දොර රෙද්දේ එල්ලිලා හූ තියන එකාගේ හැටි දැක්කම මට හුස්ම හිර වෙන්ඩ ආවා....
"එන්නේ නෑ කාමරේට උඹ... පලයන් හෝදන් වරෙන්... ම ඩ ඌ රා.... !අප්පත් එකයි පුතත් එකයි.... තොපි වලවල් හාර හාර ඉදපියව්....!"
"මොකද මේඝ උඹේ සද්දේ.... ම්ම්න්....!"
"අප්පච්චිඊඊ..... එවන්නේ නෑ මූව කාමරේට..... මඩ නෑව්වා නං හෝදලා ගෙනත් දෙන එකයි....!"
අරකාගේ මුණ අත පය දුඹුරුම දුඹුරු පාටයි.... මට කනයියා වගේ....! වරකෝ ඇතුලට මං දෙන්ඩ....! කොච්චර ගහන්නේ නෑ කිව්වත් මූ කරන වැඩ වලට මගේ අත නලියනව බොල..

YOU ARE READING
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️