"ජන්කුක්!!"
"ජන්කුක් වේක් අප්... ගෝඩ් මේ කොල්ලා!!"
"ගෝඩ් මට පරක්කු වෙනවා. ගෙට් අප්!! මේ කිරි එක බොන්න!!"
ජියොන් සෝක්ජින්. හැමෝම ලේසියට කිව්වේ ජින් කියලා. එයාගෙ සහෝදරයා ජියොන් ජන්කුක් ගෙ පස්සට එකක් ගහන ගමන් බෙඩ්ෂීට් එක අයින් කලේ ජන්කුක් ව නැගිට්ටවන්න හිතාගෙන උනත් , ජන්කුක් රෝස පාට CK underwear එක පිටින් කියලා දැක්ක ජින් පස්සට පැන්නේ විලාප තියාගෙන.
"ඔහ් මයි ෆකින් ගෝඩ්. ජන්කුක්!!"
ජින්ගෙ විලාපය අහගෙන ඉන්න බැරිව ජන්කුක් එක ඇහැක් ඇරලා එයාගෙ හියුන් දිහා බලලා විරිත්තුවා.
"හියුන්? මොකො මේ"
"පස්ස පැත්තට එලිය වැටෙනකම් නිදා ගන්නෙ නැතිව නැගිටින්න ජන්කුක්."
ජින් අමනාපෙන් කියනකොට ජන්කුක් බෙල්ල උස්සලා බැලුවා.
"ගෝඩ් හියුන්. මගෙ පස්ස පැත්තට එලිය වැටිලා? මම කලාමැදිරියෙක් වෙලාද? හියුන්ගෙ මගෙ genes cross කලා කලාමැදිරියෙක් එක්ක???"
ජන්කුක් කෑ ගහන්න ගත්තෙ එයාගෙ හියුන් මොලෙකියුලර් බයලොජි ප්‍රොෆෙසර් කෙනෙක් කියලා මතක් වෙලා. ජන්කුක් එයාගෙ 'පස්ස පැත්ත' අල්ලලා චෙක් කරලා බැලුවා බල්බ් පත්තු වෙනවාද කියලා. ලකීලි... කලාමැදිරියා ගෙ ජීන් එක එයාට වැඩ කරලා නෑ වගේ.
"නෑ මම සන්ලයිට් ගාලා පස්ස ඇතිල්ලුවා. ඒකයි එලිය වැටිලා තියෙන්නේ!! මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතිව යුනි යන්න ලෑස්ති වෙන්න ජන්කුක්"
ජින් තරහෙන් කිරි එක මේසෙ උඩ තියලා දොරත් 'දඩාස්' ගහලා වහගෙන ගියාම ජන්කුක් අනිත් පැත්ත හැරිලා පස්සට තට්ටුවක් දාගෙන නිදා ගත්තා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024