35 කොටස

612 141 112
                                    

කමෙන්ට් ගෝල් 50 ( ඕක පන්වන්න හොදෙ😁)

ටේහ්‍යුන් මේසෙ ඉස්සරහ ඉඳගෙන ලොකුම ලොකු පේපර් බන්ඩල් එකක ගනන් හද හදා හිටියා. ඇට් ලීස්ට් හී හෑස් ටු යූස් අ කැල්කියුලේටර්!!! ජන්කුක් ට හිතුනෙ එහෙම. ඒත් ටේහ්‍යුන් ඒ ගනන් සොල්ව් කලෙ කැල්කියුලේටරයක් කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැති ගානට හිතෙන්. ජන්කුක් ට පාඩම් කරන්න කියලා පොතක් අතට දීලා ටේහ්‍යුන් එයාගෙ රිසර්ච් එක කරගෙන ගියත් ජන්කුක් පාඩම් කරන සිහියෙන් නෙවෙයි හිටියෙ. පැය තුනක් විතර එක දිගට ගනන් හදපු ටේහ්‍යුන් අන්තිමට පෑන පැත්තකින් තිබ්බා.

ඇත්තටම ඒ පෑන ගැනත් විශේෂයෙන් දෙයක් කියන්න ඕනෙ. ඒ පෑන වූල් පිරුණු ලා රෝස පාට පෑනක්. ඒකෙ උඩ බූබූ වගේම ලස්සන හා පැටියෙක්ගෙ මූණක් තිබ්බා. ටේහ්‍යුන් ගාව ඒ වගෙ බූබූ පෑන් සෙට් එකක්ම තියනවා. ලෝකෙට ඇන්ටි මැටර් තියරි එක හොයා ගත්ත ප්‍රොෆෙසර් ගනන් හදන්නෙ හාවෙක් ගෙ මූණක් හයි කරපු පෑනකින්? වෙල්... ඔයාට සිද්ධ වෙනවා ඒක දිරවා ගන්න කොහොම හරි මෙතඩ් එකක් හොයා ගන්න.

කොහොම හරි... බැක් ටු ද ස්ටෝරි!!

ටේහ්‍යුන් දැක්කෙ එයා දිහා බලාගෙන ඉන්න එයාගෙ බූබූව. එදා ගර්ල් කෙනෙක් අතේ එල්ලුන එකටයි , ඒ ගර්ල්ට ටේහ්‍යුන් කවුද කියලා බොරු කීව එකටයි ප්‍රොෆෙසර් පැටියට ටිකක් ජෙලස් හිතිලා තිබ්බෙ... සෝ එයා , එයා දිහා බලන් ඉන්න ජන්කුක් ට ටිකක් රැව්වා.

"ඉවරද ගනන් හදලා?"

ටේහ්‍යුන් අහනකොට ජන්කුක් ඔලුව වැනුවත් ටේහ්‍යුන් විශ්වාස කලෙ නැහැ. ටේහ්‍යුන් දන්නවා ජන්කුක් ට කොහෙත්ම මේවා මෙච්චර ඉක්මනට සොල්ව් කරලා තියරි එක එක්ස්ප්ලේන් කරන්න බැහැ කියලා. ඉතින් එයා හුරතල් විදියට තොල් දෙකත් උල් කරගෙන පපුවට අත් දෙක බැඳ ගත්තා.

"බොරු කීවොත් පනිෂ්මන්ට්ස්... ඕකේ?"

" මම නෙමේද ප්‍රොෆෙසර් හියුන්ගී ට පනිෂ්මන්ට්ස් දෙන්න ඕනේ.. ම්ම්..? "

ජන්කුක් ඇහැක් ගහනකොට ටේහ්‍යුන් ගෙ මුලු මූණම රතු උනා. ගේ රිලේෂන්ෂිප්ස් ගැන A to Z හොයලා තිබ්බ ටේහ්‍යුන්ට ජන්කුක් කියන්න ට්‍රයි කරපු දේ හොඳ හැටියට තේරුනාම ටේහ්‍යුන් හුරතල් මූණ දෙක කර ගත්තා.

You're my anti matter || TK ✓Where stories live. Discover now