අවසන් කොටස

987 165 188
                                    

සුදුම සුදු පාට ඒන්ජල් කෙනෙක් දොර ගාවින් මතු වෙනකොට හැමෝගෙම ඇස් විශේෂයෙන්ම ෆාදර් ඉස්සරහ හිටගෙන හිටපු ඒ සුදු පාට ඒන්ජල් ගෙ පෞද්ගලික බූදලයක් වෙච්චි බූබූ ගෙ ඇස් දෙක යොමු උනා. එයාගෙ අප්පා ඔම්මා දෙන්නම වගේම කොරියාවේ ජීවත් වෙන කිසිම නෑදෑයෙක් නැති නිසා චූටි ඒන්ජල් බබා තනියම ඇවිදගෙන ආවේ. හැමෝම ඒ දිහා පුදුමෙන් බලාගෙන ඉන්නවා. ඒත් බූබූ සේරම ප්ලෑන් කරගෙන හිටියෙ.

එයා හිමීට ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා එයාගෙ ප්‍රොෆෙසර් හියුන්ගී ගෙ අතින් අල්ලා ගෙන හිනා උනාම චූටි ඒන්ජල් එහෙම නැත්තං කිම් ටේහ්‍යුන් බිම බලාගෙන හිනා උනා.

අද එයාලගෙ වෙඩින් එක. දහස් ගානක් එයාලාගෙ බැච් මේට්ස්ලා , යාලුවො , අයිඩල්ස්ලා එකතු වෙලා හිටියෙ ප්‍රසිද්ධ සින්ගර් ජියොන් ජන්කුක් , ප්‍රසිද්ධ සයන්ටිස්ට් ප්‍රොෆෙසර් කිම් ටේහ්‍යුන්ව මැරි කරනවා බලන්න. එයාලා ගෙ රිලේෂන්ෂිප් එක ලෝකෙ පුරාම පැතිරුනා වගේම එයාලාට චූටිම චූටි හේට් එකක් වත් ආවෙ නැහැ. කොහොම හේට්ස් එන්නද? මේ කියුට්ම කියුට් බෝල ඇස්වල ආදරෙ පුරෝගෙන එයාගෙ හියුන්ගී දිහා බලන බූබූටයි , බූබූගෙ පපුවට තුරුලු වෙලා බූබූව තද කරලා හග් කර ගන්න එයාගෙ කකුලු පැටියා ටේහ්‍යුන්ටයි. එයාලා තමයි බෙස්ට්ම කපල් එක. බෙස්ට් ම බෙස්ට්ම බෙස්ට්ම කපල් එක!!!

ඒ විතරක් නෙවෙ එයාලා දෙන්නා නිසා ගොඩක් ගේ කපල්ස් වලට හේට්ස් නැති උනා සහ අඩු උනා. ඒ වගේම ජෙනිෆර්ටයි එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි එයාලා කැමති විදියට සාර්ථකව එයාලගෙ මැරේජ් ලයිෆ් එක ගෙනියන්න චාන්ස් එකක් හම්බුනා... හැම දේම හොඳින්.

ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන ඇවිත් ස්ටේජ් එක උඩට නැග්ගා. ඊට පස්සෙ පුදුමෙන් බලාගෙන ඉන්න ඕඩියන්ස් එක දිහා බැලුවා

" එයාගෙ බයොලොජිකල් අප්පාවත් ඔම්මා වත් නෑ එයාව එක්කගෙන එන්න.. ඒත් මට පුලුවන් මගෙ ප්‍රොෆෙසර් හියුන්ගී ගෙ අප්පා වගේම ඔම්මා වෙන්නත්.. සෝ.. එයාව මෙතනට එක්කගෙන එන එක වගකීම තියෙන්නෙත් මට.."

ජන්කුක් කියනකොට ඕඩියන්ස් එකම අත්පොඩි ගහනවා. ඉස්සරහම ඉන්න ඩොක්ටර් හොසොක් ලොකු ටිෂූ පෙට්ටියක් තියාගෙන හයියෙන් හොටු සූරනවා. ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන ෆාදර් දිහාට හැරුනෙ එයාගෙ රෝස මලව නීතියෙනුත් එයාගෙම කර ගන්න.

You're my anti matter || TK ✓Where stories live. Discover now