කමෙන්ට් ගෝල් 50 ( කමෙන්ට් කලොත් මම සතුටින් 😁)
ටේහ්‍යුන් ජන්කුක් එක්ක ටේහ්‍යුන්ගෙ ගෙදරට එනකොට ටේහ්‍යුන්ට දැණුනෙ එයාගෙ හාට් එක තොරැසික් කැවිටි එකෙන් ගැලවිලා එලියට වැටෙයි වගෙ. ගෙදර දොර ගාවට ගියපු ටේහ්‍යුන් යතුර කැරකුවත් දොර අරින්න කලින් එයා ගාව හිටගෙන බලාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා. ටිකක් වෙලා බලාගෙන හිටපු ටේහ්‍යුන් හිමීට දබර ඇගිල්ල දික් කරලා ජන්කුක් ගෙ කම්මුලකට අනිනකොට ජන්කුක් ගැස්සුණා.
"ප්‍රොෆෙසර් හියුන්ගී? මොකද වෙලා තියෙන්නේ?"
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් රතු උනා. ජන්කුක් එයාට හියුන්ගී කියනකොට ටේහ්‍යුන්ට අමුතු හැඟීමක් දැනෙන්න ගත්තා. එයා ජන්කුක් ට වඩා වැඩිමල් තමයි. ඒත් හියුන්ගී? එයාට දැනුනෙ එයාගෙ මොලෙ දිය වෙලා නහර වලට ගිහින් ඇඟ පුරාම ගලනවා වගෙ. වෙල්... දැට් ඊස් සයන්ටිෆිකලි ඉන්පොසිබල්.
ටේහ්‍යුන් ජන්කුක් දිහා බෝනික්කෙක් වගෙ ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. එයා කොහොමද කියන්නේ එයාට ජන්කුක් ව හැම තැනම පේන නිසා එයාට මේ ජන්කුක් කියලා ෂුවර් කර ගන්න ඕනෙ කියලා. බට්.. අන්ෆෝචුනේට්ලි ජන්කුක් ට ඒක තේරුනා වගෙ. ජන්කුක් ඉස්සරහට නැවෙනකොට අඩි දෙකක් පස්සට ගියපු ටේහ්‍යුන් දොරෙ හැප්පුනා. ජන්කුක් ටේහ්‍යුන්ගෙ ලෙෆ්ට් චීක් එකට කිස් එකක් දෙනකොට ටේහ්‍යුන් ගල් ගැහුනා.
"මම ඇත්තටම මෙතන ඉන්නවා ප්‍රොෆෙසර් හියුන්ගී.. ඕකේ?"
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් කම්මුල අල්ලගෙන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට , ජන්කුක් ටේහ්‍යුන්ට ලං උනා. ටේහ්‍යුන් ට කර කියා ගන්න දෙයක් නැතිව දොරට තද වෙලා ඉන්නකොට ජන්කුක් ටේහ්‍යුන්ව දොරට හිර කරගෙන එක අතක් සොරෙන් තියා ගත්තා. දොර අගුල කැරකුව ජන්කුක් දොර ඇරෙනකොට වැටෙන්න ගියපු ටේහ්‍යුන්ව ඉනෙන් අල්ලලා නවත්තා ගන්නකොට ටේහ්‍යුන් පොඩි බබෙක් වගෙ ජන්කුක්ගෙ පපුව උඩට අත් දෙක තියන් බලන් ඉන්නවා.
"ප්‍රොෆෙසර් හියුන්..."
ජන්කුක් මුමුණන කොට ජන්කුක් ගෙ උණුසුම් හුස්ම ටේහ්‍යුන්ගෙ මූණෙ වැදුනා. ඇස් දෙක තද කරලා පියා ගත්ත ටේහ්‍යුන්ට දැනුනා ජන්කුක් ටේහ්‍යුන්ගෙ මූණට ලං වෙනවා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024