කමෙන්ට් ගෝල් 50
ටේහ්‍යුන් එයාගෙ එළවලු සුප් එකට දාන්න කියලා එළවලු කපන ගමන් හිටියා. ජන්කුක් ජිමින් දෙන්නා ඒ වෙනකොට හොදම යාලුවො වෙලා හිටියෙ. ජිමින් එයාගෙ හඳුනා නොගත් කණ්ණාඩි වස්තුව හම්බුන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් ජන්කුක්ට කියනකොට ජන්කුක් ආසාවෙන් අහගෙන හිටියා. ඒත් එයාට නිකමටවත් හිතුනෙ නෑ ජන්කුක් ගෙ අලුත් යාලුවා මේ රස කර කර කියන්නෙ එයාගෙ හොඳම හොඳම යාලුවා යුන්ගී ගැන කියලා.
ටේහ්‍යුන් හිටියෙ ජන්කුක්ගෙයි ජිමින්ගෙයි කතාවෙ සිහියෙන් . ඉතින් එයා එලවලු කපන ගමන් නයිෆ් එක යන්තම් එයාගෙ අතෙ වැදුනා. වැදුනු පාරට එයාගෙ ඇගිල්ල යන්තම් සීරිලා ලං බින්දුවක් මතු උනා විතරයි. ඒත් ටේහ්‍යුන් කියන්නෙ හිමෝෆෝබියා තදටම තියන කෙනෙක්. එයාගෙ ඇස් දෙක ලොකුම ලොකු උනා.
" බූ... බූ "
"ප්‍රොෆෙසර් හියුන්ගී"
ටේහ්‍යුන්ගෙ මූණ සුදු මැලි වෙලා තියනවා දැක්ක ජන්කුක් ඉස්සරහට දුවන්න හැදුවත් ටේහ්‍යුන් එයාගෙ තුවාල උන නැති අත දික් කරලා ජන්කුක් ට නතර වෙන්න කියලා කීවා.
"හියුන්ගී..." ජන්කුක් චූටි හා පැටියෙක් වගෙ මූණ ඤොරොක් කර ගත්තෙ ටේහ්‍යුන් එයාට නතර වෙන්න කියලා කීව දුකට.
"බූ...බූ... ටේබල් එක උඩ ස්ටිකි නෝට් එකක් ඇති. ඒකයි පෙන් එකයි දෙන්න ප්ලීස්"
ටේහ්‍යුන් කියනකොට ජන්කුක් ටේහ්‍යුන් කීව ස්ටිකි නෝට් එක දැක්කා. එයාට ටිකක් පුදුම හිතුනට එයා ඒ දෙක ටේහ්‍යුන්ට දුන්නා. ටේහ්‍යුන් ස්ටිකි නෝට් එක එයාට අමතක වෙන දේවල් ලියලා ෆ්රිජ් එකෙ ලියා ගන්න පාවිච්චි කරන එකක් කියලා ජන්කුක් දන්නවා. ඉතින් ජන්කුක් ට හරි පුදුමයි.. ටේහ්‍යුන්ට දැන් අමතක උනෙ මොකක්ද?
ටේහ්‍යුන් මෙලො සිහියක් නැතිව ජන්කුක් දිහා බල බල මොනවාදො ලියනවා.
" ඇ...ඈන්ගල් එක 81°.. ඕකේ. බූබූ ඉන්න තැනට ඇප්‍රොක්සිමේට්ලි වන් මීටර්. ටේහ්‍යුන්ගෙ හයිට් එක බූබූ ගෙ හයිට් එක අප්‍රොක්සිමේට්ලි ඊක්වල්... බූබූගෙ ක්ලච් එකෙ ඈන්ගල් එක මේබී. 89° සො..සෝ ටේහ්‍යුන් වැ..වැටුනොත්... බූ..බූ එයාගෙ.. ප්‍රොෆෙසර් හියුන්ගී ව අල්ලා ග..ගන්න පොසිබිලිටි.. එ..එක 99.1245 ප්‍රස..."
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024