05 කොටස

1K 250 116
                                    

කමෙන්ට් ගෝල් 50

"සයින් ටීටා , අනුකලනය කරලා කොස් වර්ග ටීටා ..... ඕකෙ ඕකෙ අංශක හතලිස් පහක කෝණයකින් උඩ පැන්නොත් උපරිම දුරක් පනින්න පුලුවන්.... යස්"

"ප්‍රොෆෙසර් මොන බහු භූතයක්ද ඔය කියන්නෙ..? මනුස්සයෙක් අපිව මරන්න එනකොට ප්‍රොෆෙසර් ට මතක් වෙන්න කොස් මැල්ලුම්ද?"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන දුවගෙන ගමන් තරහෙන් කෑ ගහනකොට ටේහ්‍යුන් ජන්කුක් ට රැව්වා.

"ඉඩියට්... මම කියන්නෙ අපි කොස් එක බෙදීම මූල දෙකක කෝණයකින් ගන් එකෙන් ෂොට් එකක් තියනකොටම උඩ පැන්නොත් අර පිස්සු මනුස්සයා ගෙන් බේරෙන්න තියන ප්‍රොපබිලිටි එක සීයට පනස් දෙකයි දශම බින්දුවයි හතරයි පහයි තුනයි.... "

ටේහ්‍යුන් කියනකොට ජන්කුක් ටේහ්‍යුන්ට එරෙව්වෙ ජන්කුක් ට කොස් කියනකොට මතක් වෙන්නෙ ගස් වල හැදෙන කොස් විතරක් නිසා.  ගන් ෂොට් එකක සද්දෙ ඇහෙනකොටම ජන්කුක් ටේහ්‍යුන්ව පහලට නවලා එයත් නැවෙනකොට ඔවුන් දෙන්නගෙ ඔලුව උඩින් ගෑවි නොගෑවී ෂොට් එක ගියාම ටේහ්‍යුන්ගෙ කම්මුල් දිගෙ කඳුලු ගලාගෙන ගියා.

"හයි මොමෙන්ටම්... දැට් මීන්ස් නිව්ටන්ගෙ සෙකන්ඩ් ලෝ එකට අනුව හයි ෆෝස්.. ගෝඩ්... ජන්කුක් අපි මැරෙයිද?"

"ප්‍රොෆෙසර් විනාඩියක් ට කට වහගෙන ඉන්නවද?''

ජන්කුක් ටේහ්‍යුන්ව බලේට නැගිට්ටවලා අමාරුවෙන් බිම පෙරලිලා ඊට එහා පැත්තෙ තියන හදන ගමන් තිබ්බ බිල්ඩින් එකක් ඇතුලට රිංගලා දොර තද කරලා ලොකු කරනකොට ටේහ්‍යුන් ගැහි ගැහී බිම ගුලි උනා.  ජන්කුක් ඉක්මනට 911 වලට කෝල් කලේ එයාලගෙ පස්සෙන් එන පිස්සු හැදුන මර්ඩර් ගැන කම්ප්ලේන් කරන්න. ඒ මනුස්සයා දොරට ගහනවා ඇහෙනකොට ටේහ්‍යුන් හයියෙන් කෑ ගහ ගහ අඩන්න පටන් ගත්තාම ජන්කුක් ටේහ්‍යුන් ගාව දණ ගහ ගත්තා.

"ෂ්.. ෂ්.. ප්‍රොෆෙසර් එන්න අපි හැංගෙමු"

ජන්කුක් ටේහ්‍යුන්වත් අල්ලගෙන එහා පැත්තෙ තිබ්බ පරණ බැරල් ගොඩක් අස්සට ගියාම ලැප් එක පපුවට තද කර ගත්ත ටේහ්‍යුන්ට ඉකි ගැහුනා. තුන් වෙනි හතරවෙනි පාර දොරට ගහපු මනුස්සයා දොරෙ ලොක් එක කඩාගෙන ඇතුලට එනකොට ටේහ්‍යුන් හිමීට අඩන්න පටන් ගත්තා.

You're my anti matter || TK ✓Where stories live. Discover now