කමෙන්ට් ගෝල් 50 (ඕක පන්වන්න ඈ)
ටේහ්‍යුන් ලෙක්චස් ඉවර කරලා ෂොප් එකකට ගියේ රෑට කෑම ගන්න. රෑට කෑම හදන්න ටේහ්‍යුන්ට මහන්සි දැනුන නිසා ගෙනියන්න රාමෙන් ඕඩර් කරපු ටේහ්‍යුන් එතන තිබ්බ ටේබල් එකෙ වාඩි උනේ එයාට රාමෙන් ගෙනත් දෙනකම්. වාඩි වෙලා හිටපු ටේහ්‍යුන් නිකමට වගේ ෂොප් එකෙ ග්ලාස් වෝල් එකෙන් එලිය බැලුවාම එයා දැක්කෙ ජන්කුක් වගේ කෙනෙක්ව. ජන්කුක් ද කියලා හරියටම චෙක් කරන්න ටේහ්‍යුන් ඉස්සරහට බර වෙලා ඇස් පොඩි කර කර බලනකොට එක පාරටම ඒ මනුස්සයා හැරිලා බැලුවාම ටේහ්‍යුන් පස්සට විසික් උනා.
හොඳ වෙලාවට ඒ ජන්කුක් නෙවෙයි. ටේහ්‍යුන් එයා දිහා කන්න වගේ බලන් හිටපු නිසා ඒ මනුස්සයා ටේහ්‍යුන්ට බව් කරලා එතනින් ගියාම ටේහ්‍යුන් ඔලුව ගහ ගත්තා.
' ආයිෂ්.... මගෙ හාට් එක. හාට් එක... පීලීස් ඔයාගෙ ජොබ් එක මගෙ බොඩි එකට බ්ලඩ් පම්ප් කරන එක. නැතිව ජන්කුක් ව මතක් වෙන හැම වෙලාවේදීම වේගෙන් ගැහෙන එක නෙවෙයි ඕකෙ.. ස්ටේ ෆෝකස්ඩ් ඔන් යුවර් ජොබ්!! ඕකේ??'
ටේහ්‍යුන් හාට් එක අල්ලගෙන කියනකොට හාට් එක නම ටේහ්‍යුන් කියන දේ අහන්න ලෑස්තියක් නැහැ වගේ. හිටි හැටියේම ටේහ්‍යුන් දැක්කෙ ග්ලාස් වෝල් එකෙන් යන්තම් පේන ටේහ්‍යුන්ගෙ රතු පාට උන මූණෙ රිෆ්ලෙක්ෂන් එක.
" ඒසී වැඩි කරන්න වෙයි නේද ප්‍රොෆෙසර් "
ජන්කුක් ගෙ කටහඩ ටේහ්‍යුන්ගෙ ඔලුව ඇතුළෙ දෝංකාර දෙනකොට ටේහ්‍යුන් හොඳටම රතු වෙනකොට ටේහ්‍යුන්ගෙ හාට් බීට් එකෙ වේගෙත් වැඩි උනා. ඒ එක්කම ටේහ්‍යුන්ගෙ ස්මාට් වොච් එක ටේහ්‍යුන්ගෙ හාට් බීට් එකෙ වේගෙ වැඩි වෙන නිසා වෝනින් එකක් දෙන්න ' ටීක් ටීක් ' ගානකොට ගැස්සුන ටේහ්‍යුන් එයාගෙ වොච් එක දිහා බලාගෙන හිටියා.
"මයි ගෝඩ් නෝ... ප්‍රෙෂර් වැඩි වෙලා මම මැරෙයිද? ගෝඩ්!! ජන්කුක් යු ආර් අ මර්ඩර්!! මොකක්ද මට මේ කලේ. ඔහ් නෝ"
ටේහ්‍යුන් වොච් එක පැත්තකින් තියලා පේපර් සර්වියට් එකක් අරගෙන දාඩියෙන් නෑවුන මූන පිහදා ගෙන රිලැක්ස් වෙන්න හැදුවා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfic"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024