09 කොටස

920 218 70
                                    

කමෙන්ට් ගෝල් 50

"දිස් ඊස් ඊසි. ගොඩක් අය හිතන්නේ Law of conservation of momentum (ගම්‍යතා සංස්ථිතිය නියමය) උඩ ඉඳන් පහලට වැටෙන ඔබ්ජෙක්ට් එකකට දානකොට ග්‍රැවිටි එකෙන් එන එක්ස්ටර්නල් ෆෝස් එක නොසලකා අරින්න පුලුවන් කියලා නිවුටන් කියලා තියනවා කියලා"

ටේහ්‍යුන් ජන්කුක් ට ප්‍රයිවට් ලෙසන්ස් කරන්න ටේහ්‍යුන්ගෙ ගෙදර ගිහිල්ලා ජන්කුක් ට එක්ස්ප්ලේන් කරනකොට ජන්කුක් මේසෙට මූණ තියාගෙන මූණ බුම්මට්ටෙක් වගේ හදාගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.

"මම නම් එහෙම හිතුවෙ නැහැ ප්‍රොෆෙසර්. කවදාවත්"

ජන්කුක් කියනකොට ටේහ්‍යුන්ගෙ මූණෙ හිනාවක් ඇඳුනා. ඇට් ලීස්ට් ජන්කුක් හැමෝටම වැරදෙන තියරි එක හරියට තේරුම් අරගෙන.

"බිකෝස් මම මොමෙන්ටම් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ"

ජන්කුක් ආඩම්බරයෙන් කියනකොට ටේහ්‍යුන්ගෙ ලස්සන ට හිනාවක් ඇඳුනු මූණ දෙල් උනා. ජන්කුක් ට එතන තිබ්බ මොකක් හරි තඩි පොතක් අරගෙන නෙළලා අරින්න ටේහ්‍යුන්ට හිතුනත් ටේහ්‍යුන් අමාරුවෙන් එයාව කන්ට්‍රෝල් කර ගත්තාම ජන්කුක් විරිත්තුවා.

"ඕකේ" ටේහ්‍යුන් හුස්ම ගත්තා.

"නිවුටන් එහෙම දෙයක් කියලා නැහැ. අපි එහෙම කන්සිඩර් කරන්නේ එක්ස්ටර්නල් ෆෝස් එකක් ඇති නොවෙන්න අපි සලකන සිටුවේෂන්ස් දෙක අතර කාලය බින්දුවයි කියලා හිතලා.. ඕකේ? දිස් ඊස් සෝ බේසික්. ජන්කුක් ට කියන්න පුලුවන් ද ගම්‍යතා සංස්ථිති නියමය?"

ටේහ්‍යුන් අහනකොට ජන්කුක් හිනා උනා

"ජන්කුක් ගේ ආදර සංස්ථිති නියමය....."

" බාහිර අසංතුලිත බලයක් නොයෙදෙන තාක්කල් ගම්‍යතාවය සංස්තිතික වේ... ජන්කුක් ට පුලුවන් ද උදාහරණයක් කියන්න?"

ජන්කුක් ගෙ පෙර වැරදි අමතක කරලා දාලා ටේහ්‍යුන් එයාගෙ ඉවසීම උපරිමේටම අරන් කියන්කොට ජන්කුක් ටිකක් වෙලා කල්පනා කලා.

"ෂුවර් ප්‍රොෆෙසර්"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇස් දෙක දිහා බලපු පාරට ටේහ්‍යුන් ගැස්සිලා ගියාම ටේහ්‍යුන්ගෙ හාට් එක වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ටේහ්‍යුන්ට දැනුනෙ එයාගෙ සෙමි ලූනා වෙල්ව්ස් පසාරු කරගෙන හාට් එකෙන් පම්ප් කරපු බ්ලඩ් සේරම එයාගෙ මූණට එනවා වගෙ. එයාට ජන්කුක් ගෙ කලු පාට ලොකු ඇස් ඇතුළෙ එයාවම පෙනුනා. ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා එයාගෙ බනී ස්මයිල් එක දානකොට ටේහ්‍යුන්ට දැණුනෙ එයාගෙ ඇඩ්‍රිනලින් ලෙවල් එක වැඩි වෙලා පැනික් ඇටෑක් එකක් එනවා වගේ.

You're my anti matter || TK ✓Where stories live. Discover now