39 කොටස

613 149 49
                                    

කමෙන්ට් ගෝල් 50

" මම ඔයාට ටේහ්‍යුන් කියලා කතා කරන්නද ප්‍රොෆෙසර්?"

ජෙනිෆර් අහනකොට ටේහ්‍යුන් හිමීට බිම බලාගෙන ඔලුව වැනුවා. ඒ දෙන්නා ජන්කුක් ගෙ බෙඩ් එක ඉස්සරහ තිබ්බ ටේබල් එකෙ දෙපැත්තේ වාඩි වෙලා හිටියෙ. ටේහ්‍යුන්ට ජෙනිෆර් එක්ක කතා කරන්න ඕනෙ උනෙ නැතුවාට ජෙනිෆර් ට ඒක කියන්න ටේහ්‍යුන්ට නපුරු වෙන්න බැරි උනා. ඒ නිසා ටේහ්‍යුන් ජෙනිෆර් කියන දේ අහන් ඉන්න තීරණය කලා.

"ම්ම්... මට  මේක කියන්න  ඕනෙ උනා ජන්කුකීගෙ ප්‍රොෆෙසර් හියුන්ගීට"

ජෙනිෆර් කියනකොට ටේහ්‍යුන්ගෙ ඇස් දෙක ලොකු උනා.

" ජෙනිෆර් නූනා කොහොමද..?"

ජෙනිෆර් නූනා කොහොමද බූබූ එයාට කියන නම දැන ගත්තෙ? ජන්කුක් ටේහ්‍යුන්ට ප්‍රොෆෙසර් හියුන්ගී කියනවා කියලා ජෙනිෆර් දැන ගන්න කොහෙත්ම විදියක් නැහැ. ටේහ්‍යුන් ඇස් දෙක ලොකු කරගෙන ජෙනිෆර් දිහා බලන් ඉන්නකොට ජෙනිෆර් බිම බලා ගත්තා.

"මම ඒක ගැන මුල ඉඳන්ම දන්නවා ටේහ්‍යුන්. ජන්කුකීට ඔයාව හම්බුන විදිය. ඔයා එයාට සොක්ජින් ඔප්පා නිසා  ප්‍රයිවට් ලෙසන්ස් කරපු විදිය... ඊට පස්සේ ඔයා එයාගෙ ප්‍රොෆෙසර් හියුන්ගී උන විදිය. එයා ඔයාගෙ බූබූ උන විදිය. ඔයාලා දෙන්නා මුලින්ම හිම වැටෙන දවසෙ කිස් කරපු එක ඇන්ඩ් අෆෙයා එක පටන් ගත්ත එක... ඔයා එයාගෙ තෑග්ගක් විදියට එලවලු බෑග් එකක් ගෙනිච්ච එක.  ඔයා එයාට චොක්ලට්ස් කන්න දෙන්නෙ නැති එක.. ජන්කුකී මට කියලා තියනවා ඔය දෙන්නාගෙ හැම දේම වගේම එයාගෙ එයාගෙ චූටි කලරින්ස් පොඩ්ඩක් වැඩියෙන් වැටුනු මාෂ්මෙලොව් එක කොච්චරකට වටිනවාද කියලා.... එයාගෙ හැමදේම ඔයා උන විදිය ගැන මම දන්නවා. දැනටත් මේ සෙකන්ඩ් එකෙත් ජන්කුකීගෙ හැමදේම ඔයයි ටේහ්‍යුන්"

ජෙන්ෆර් කියනකොට ටේහ්‍යුන්ගෙ ඇස් ලොකු උනා. එයාගෙ ඇස් වල ලොකු කඳුලු ගුලි දෙකක් පිරිලා. ජෙනිෆර් කියපු දේවල් එයාලගෙ ප්‍රයිවට් දේවල්. ඒවා ගූගල් එකෙ සර්ච් කරලා හොයා ගන්න පුලුවන් දේවල් නෙවෙයි. ඒ කියන්නෙ එයාගෙ බූබූ හැමදේම ජෙනිෆර්ට කියලා තියනවා.

You're my anti matter || TK ✓Where stories live. Discover now