26 කොටස

713 174 84
                                    

කමෙන්ට් ගෝල් 50 ( පන්නමු ඈ 🙃)

ජන්කුක් බිම බලාගෙන අඩන්න පටන් අරන් හිටියෙ. එයාගෙ රෝස කම්මුල් තවත් රෝස වෙලා. ලොකු බෝල ඇස් වල , ලොකුම ලොකු කඳුලු ගුලි දෙකක් පෙරිලා. නහය නම් මිරිස් කරලක් වෙලා. ටේහ්‍යුන් එයාගෙ බූබූව තද කරලා හග් කරගෙන හිටියෙ.  ඒ දෙන්නා කවුච් එකෙ වාඩි වෙලා හිටියෙ. ඒ දෙන්නාට ජන්කුක් ටේහ්‍යුන්ට ක්‍රිස්මස් එකට දුන්න ලොකුම ලොකු රෝස පාට කොටි පැටියත් ඇවිල්ලා තුරුලු වෙලා. ජන්කුක් ගෙ අතෙ ටේහ්‍යුන් එයාට දුන්න ක්‍රිස්මස් ගිෆ්ට් එක තද වෙලා.

"ප්‍රොෆෙසර් හි... හි..යුන්ගී"

ජන්කුක් ටේහ්‍යුන් එයාට දුන්න කොරියාවෙ නම්බර් වන් මියුසික් යුනිවර්සිටි එකට එයාව තෝරා ගත්තා කියලා ආව ලෙටර් එක පපුවට තද කර ගත්තා. ටේහ්‍යුන්ගෙ කොලේජ් කාලෙ අඳුනන යාලුවෙක් ටේහ්‍යුන්ට මේ උදව්ව කලෙ. ටේහ්‍යුන්ට තිබුණෙ ජන්කුක් ටේහ්‍යුන් වෙනුවෙන් පියානෝ එක ප්ලේ කර කර කීව එයා ඒ වෙලාවෙ හදපු සෝන්ග් එකක් උන winter Bear කීව එක වීඩියො කරලා යවන්න විතරයි ටේහ්‍යුන්ට තිබුනෙ. ජන්කුක් ගෙ වෝකල් රේන්ජ් එකට පිස්සු වැටුණු ප්‍රොෆෙසර්ස්ලා ජන්කුක් ට චාන්ස් එකක් දෙන්න තීරණය කළා.

"මාව මේ ලෝකෙ තේරුම් ගත්ත එකම කෙනා ඔයා විතරයි ප්‍රොෆෙසර් හියුන්ගී.... ජ.. ජන්කුක් ට කියන්න වචන නෑ.. බූබූ ඔයාට ගොඩක් ආදරෙයි ප්‍රොෆෙසර් හියුන්ගී..."

ජන්කුක් කියනකොට ටේහ්‍යුන් ජන්කුක් ගෙ බෝල කම්මුල් අත් දෙකෙන්ම අල්ලා ගත්ත පාර එයාගෙ බෝල කම්මුල් චොප්පන් වෙලා ජන්කුක් ගෙ හුරතල් තොල් දෙක උල් උනා.

"ටේටේත් බූබූට ආදරෙයිනේ...  අප්පා ඇරෙන්න ටේටේවත් මේ ලෝකෙ තේරුම් ගත්තෙ එකම කෙනා බූබූ... බූබූ තමයි දැන් ටේටේගෙ අප්පා. බූබූ ටේටේව බලා ගන්නවා. කිස් ගොඩ ගොඩ ගොඩාආක් දෙනවා.. ටේටේගෙ බඩ ඇතුළෙ සමනල්ලු පියාඹනවා වගෙ බූබූ නිසා දැනුනට , ටේටේ බූබූ ලගින් ඉන්නවාට ගොඩක් ආසායි. ටේටේව හග් කර ගන්නකොට කිස් කර ගන්නකොට ටේටේ ගොඩ ගොඩ ගොඩාක් ආසායි. හැමෝම ටේටේට කැමති නෑ. ඒක නිසා හැමෝම ටේටේව දාලා ගියා. බූබූ ගියොත් නම් ටේටේ මැරෙයි... ටේටේගෙ කාඩියෝවැස්ක්යුලර් සිස්ටම් එක...."

You're my anti matter || TK ✓Where stories live. Discover now