30 කොටස

708 169 126
                                    

කමෙන්ට් ගෝල් 50
Mature content ( tikk withr 😁)

ජන්කුක් ව ඩිස්චාජ් කරලා ආයෙ ගෙදර ගෙනල්ලා තිබ්බෙ. ජන්කුක් ගෙ ඔම්මා අප්පා ආයෙ බිස්නස් ට්‍රිප් එකකට ගිහින්. හියුනුත් ගොඩක් බිසී නිසා ටේහ්‍යුන් ජන්කුක් ව එයාගෙ ගෙදර ගෙනියන්න කැමැත්තෙන්ම ඉදිරිපත් උනා. වෙනදා නම් ගෙදර ජන්කුක් තනි උනාම දුකෙන් පාලුවෙන් , සමහර වෙලාවට අඬ අඬා ඉන්නෙ. ඒත් එයාගෙ ප්‍රොෆෙසර් හියුන්ගී එක්ක නම් කාණුවක් ඇතුළෙ උනත් මඩ නෑවුනු ගැරඩි පැටව් දෙන්නෙක් වගෙ බදාගෙන වෙලීලා ඉන්න ජන්කුක් ඕනෙම වෙලාවක රෙඩී!!

ජන්කුක් එයාගෙ අත බැඳගෙන මයි එයා මියුසික් ඉගෙන ගන්න යුනිවර්සිටි එකෙ පලවෙනි එක්සෑම් එකට ෆේස් කලෙ. දවස් තුනක් ගියාට පස්සෙ රිසල්ට් අවුට් උනා.  එයාටත් විශ්වාස කරන්න බැරි විදියට එයා එයාලගෙ ඉයර් එකෙන්ම ෆස්ට් වෙලා. ජන්කුක් ඒ වෙලාවෙම ටේහ්‍යුන්ට කෝල් කරලා ඒක කියලා තිබ්බට ටේහ්‍යුන්ට කිසි දීලා එයාව බදාගෙන තෑන්ක්ස් කරනකම් ජන්කුක් ට ඉවසිල්ලක් නෑ

" හියුන්ගී.... ප්‍රොෆෙසර් හියුන්ගී!!!"

ජන්කුක් පිස්සෙක් වගෙ පාර දිගෙ ටැබ් එකත් උස්සගෙන වේගයෙන් දුවගෙන ආවා. එයා බස් එකෙන් බැහැලා ලේන් එකට ඇතුලු උන වෙලාවෙ ඉඳන් කෑ ගහගෙන දූවගෙන ඇවිල්ලා ගෙදරට එනකොට ටේහ්‍යුන් හිටියෙ කිචන් එකෙ ජන්කුක් එක්සෑම් එකෙන් ෆස්ට් වීමෙ සතුට සමරන්න අනියන් සුප් හදන ගමන්.

ජන්කුක් කෑ ගහනවා ඇහිලා බය උන ටේහ්‍යුන් ඒප්‍රන් එකත් ඇඳගෙනම දුවගෙන එනකොට ටැබ් එක කවුච් එකට විසි කරපු ජන්කුක් ටේහ්‍යුන්ව වඩාගෙන වටයක් කැරකුවාම ටේහ්‍යුන් ජන්කුක් ගෙ බෙල්ල තද කරලා බදා ගත්තා.

සුදු පාට අත් දිග වූල් වූල් ටී ෂර්ට් එකට උඩින් ලා නිල් පාට ඒප්‍රන් එකක් ඇඳගෙන හිටපු ප්‍රොෆෙසර් බබා හරිම කියුට් කියලා ජන්කුක් ට හිතුනා. එයා ජන්කුක් ගෙ බෙල්ල වටේ අත් ඔතාගෙන ජන්කුක් ගෙ ඉන වටේ එයාගෙ කකුල් දෙක පටලෝගෙන ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බලාගෙන හිටියා.

" බූබූ එයාගෙ ඌවා එක පෑරෙයි"

ටේහ්‍යුන් තොල් දෙකත් උල් කරලා හුරතල් විදියට කියනකොට ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන්ගෙ නහය කිස් කලාම ටේහ්‍යුන් අත් දෙකෙන්ම නහය වහා ගත්තා.

You're my anti matter || TK ✓Where stories live. Discover now