කමෙන්ට් ගෝල් 50
ටේහ්‍යුන් ඩොක්ටර්ගෙ රූම් එකෙන් ගැහි ගැමි එළියට ආවා. ඩොක්ටර් කිව්ව විදියට එයාට තෙරිපි ඕනෙ නැහැ. කරන්න තියෙන්නෙ සිම්පල් වැඩක්. ඒක නිසා ටේහ්‍යුන්ට සතුටකුත් දැනුනා. දොරත් ඇරගෙන එළියට එනකොට ටේහ්‍යුන්ට ටිකක් කලන්තෙ වගෙත් දැනුනා. පුටුවෙ ඉඳන් දොර ලගට එන තප්පර දෙකටත් ජන්කුක් ගෙ බනී ස්මයිල් එක මැවි මැවී ටේහ්‍යුන්ට පේන්න ගන්නකොට ටේහ්‍යුන් ගෙ තොල් දෙක වෙව්ලුවා.
දොර ඇරගෙන එලියට ආව ටේහ්‍යුන්ව එක සැරේටම පැටලිලා වැටෙන්න යනකොට එයාව ඊලගට ඇතුලට යන්න දොර ළග හිටපු පේෂන්ට් අල්ලා ගන්නකොට ටේහ්‍යුන් එයාගෙ අතින් අල්ලා ගෙන යන්තම් වාරු උනා.
"ප්‍රො...ෆෙසර්?"
ටේහ්‍යුන් ඔලුව උස්සලා බලනකොට එයා දැක්කෙ දැකලා පුරුදු මූණක්. සුදුමැලි මූණ තවත් සුදුමැලි වෙලා එයා දිහා බලාගෙන හිටිය බෝයිව එයා අඳුනා ගත්තා.
'ජ... ජන්කුක් ගෙ යාලුවා? යස්... එයා ත...මයි. එ.. ..යා මොකද මෙතන ක..කරන්නෙ?'
ටේහ්‍යුන් වෙව්ලලා යනකොට යුන්ගී ඇස් ලොකු කරගෙන ප්‍රොෆෙසර් දිහා බලාගෙන ඉන්නකොට ටේහ්‍යුන් යුන්ගීගෙ අත ගසලා දැම්මා.
"තැ...න්කියු... සීයූ"
ටේහ්‍යුන් ඉක්මනට එතනින් මාරු වෙනකොට යුන්ගී ටේහ්‍යුන් යන දිහා කට ඇරගෙන බලාගෙන හිටියා. ඒ එක්කම නර්ස් එලියට ඇවිත් ඊලග පේෂන්ට්ට එන්න කියනකොට යුන්ගී කඩාගෙන නර්ස්වත් පෙරලගෙන ඇතුලට යනකොට ඩොක්ටර් හොසොක් පිස්සෙක් වගේ බලාගෙන ඉන්න කන්නාඩියා දැකලා බය උනා.
"ඔහ්.. හායි.."
"ඩොක්ටර්"
යුන්ගී ඩොක්ටර්ගෙ මූණට ලං උනා.
"මට කෙනෙක්ව දැක්කාම මගෙ හාට් එක වේගයෙන් ගැහෙනවා!!"
යුන්ගී ඩොක්ටර් හොසොක්ගෙ මූණට ලං වෙනකොට ඩොක්ටර් ඇස් පිල්ලම් දෙකක් වේගයෙන් ගැහුවා.
"ව.. වට්?"
මෙච්චර කාලෙකට පේෂන්ට්ලට බෙහෙත් කලත් , ජීවිතේට ම මේ වගේ දේකට මුහුණ දීලා නැති ඩොක්ටර්ට කියා ගන්න පුලුවන් උනේ එච්චරයි.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024