කමෙන්ට් ගෝල් 50 ( පන්නමු ඈ 😉)
ජන්කුක් ඇඳ උඩ වාඩි වෙලා ටේහ්‍යුන්ගෙ අතින් අල්ලලා ටේහ්‍යුන්ව ඔඩෙක්කුවට ගන්නකොට ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. එයා ආවේ ජන්කුක් ට ක්වොන්ටම් පිසිස් උගන්වන්න. බට් සීම්ස් ලයික් සම්තින්ග් ඊෂ් ගොයින් රෝන්ග්. වෙල්... ටේහ්‍යුන් නම් ඒකට එච්චර අකමැති උනෙ නැහැ.
එයාලා ඉගෙන ගන්න කියලා පෙරලුව ක්වොන්ටම් පිසිස් පොත එහෙමම මේසෙ උඩ පාඩුවේ ඉන්නවා. ඒකෙ තඩියට ඉන්න අයින්ස්ටයින් ගට දිව දික් කරපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඉනෙන් අල්ලලා ඇඟට තද කර ගත්තා.
"ප්‍රොෆෙසර් හියුන්ගී.... මම හියුන්ගීට කිෂී ගොඩාක් දෙන්නම් හාද?"
ජන්කුක් හුරතල් විදියට තොල් හද හද අහනකොට ටේහ්‍යුන්ට ජන්කුක් ගැන තිබ්බ ආදරේ තවත් වැඩි උනා. හොඳයි. ප්‍රොෆෙසර් ටේහ්‍යුන්ගෙ භාෂාවෙන් කීවොත් එයාගෙ ඔක්සිටොසීන් ලෙවල් එක තවත් ගොඩ ගොඩ ගොඩාක් වැඩි උනා.
ජන්කුක් දිහා බලපු ටේහ්‍යුන් හිමීට බිම බලලා දෙපාරක් ඔලුව හෙලෙව්වෙ එයාගෙ කම්මුල් දෙකම රතුම රතු වෙනකොට. ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන්ව තවත් තුරුලු කර ගත්තා.
"මෙතනට..." ජන්කුක් ටේහ්‍යුන්ගෙ නලල දබර ඇගිල්ලෙන් පෙන්නුවා.
"මෙතනට... මෙතනට... මෙතනට..."
ජන්කුක් ටේහ්‍යුන්ගෙ චීක්ස් , කන් දෙක , ෆෝහෙඩ් එක , නිකට පෙන්වන ගමන් ජන්කුක් ටේහ්‍යුන්ට කිස් දෙන්න ප්ලෑන් කරන තැන් පෙන්වනවා.
"බූබූ මගෙ ඇඩ්රිනලීන්...."
"තව මෙතනටත්..."
ප්‍රොෆෙසර් හියුන්ගී ජන්කුක් ට මේ ආත්මෙට, තියා ලබන ආත්මයකටවත් තේරුම් ගන්න බැරි තියරි එකක් කියන්න එයාගෙ රෝස පාට තොල් දෙකත් එකත් උල් කරගෙන ලෑස්ති වෙනකොට ජන්කුක් කියනකොට ටේහ්‍යුන් ගෙ කම්මුල් ආයෙත් වතාවක් රතුම රතු පාට වෙලා.
එයා මොකුත්ම නොවුන ගානට හිමීට බිම බලා ගන්නකොට ජන්කුක් ටේහ්‍යුන්ට කිස් දෙන්න පටන් ගත්තා. එයා ටේහ්‍යුන්ගෙ මූන විතරක් නෙවෙයි නෙක් එක , ඇගිලි තුඩු ආදරෙන් කිස් කරනකොට ටේහ්‍යුන් මූණ රතු කරගෙන බලාගෙන ඉන්නවා. එයා සයන්ටිෆික් දෙයක් කියන කියන සැරේ ජන්කුක් එයාගෙ ලිප්ස් වලට පෙක් එකක් දෙන නිසා එයා මොකුත්ම කියන්න ගියෙ නැතිව තොල මොනවදෝ මොනවදෝ , පවුට් වල උපරිම කියුට් පවුට් එක කරන ගමන් ජන්කුක්ට කිස් කරන්න දීලා බලාගෙන හිටියෙ එයයි එයාගෙ බූබූයි මුල්ම කාලෙ හිටපු විදිය ගැන කල්පනා කරන ගමන්.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024