කමෙන්ට් ගෝල් 50
ජන්කුක් ටේහ්‍යුන් එයාට මිල්ක් කොෆී හදනකම් කවුච් එකෙ වාඩි වෙලා එයා ගෙනාව DVD ටික තෝර තෝර හිටියා. ටේහ්‍යුන් එක්ක ඩේ අවුට් එකකට යන්න ජන්කුක් ගෙ කකුල සනීප වෙලා තිබ්බෙ නැති නිසා ටේහ්‍යුන් එක්ක ටේහ්‍යුන්ගෙ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන්න ජන්කුක් තීරණය කරලා තිබ්බෙ. ඉතින් යුනිවර්සිටි ඉවර වෙලා ජන්කුක් ටේහ්‍යුන් එක්කම ටේහ්‍යුන්ලගෙ ගෙදර ආවා.
ජන්කුක් ගෙ ගෙදරිනුත් ජන්කුක් ටේහ්‍යුන්ගෙ ගෙදර යනවාට විරුද්ධත්වයක් තිබ්බෙ නැත්තෙ එයාලා ප්‍රොෆෙසර් ටේහ්‍යුන්ට ගොඩක් ගෞරව කරපු නිසා. බට් එයාලා ජන්කුක්ගෙයි ප්‍රොෆෙසර් ගෙයි එෆෙයා එක ගැන දැනගෙන හිටියෙ නම් නැහැ.
ටේහ්‍යුන්ගෙ ඩොකියුමන්ට්ස් විනාශ උනාට එයාගෙ ඩ්‍රයිව් එකෙ එයා සේරම ෆයිල්ස් සේව් කරගෙන හිටපු නිසා එයාට ප්‍රශ්නයක් උනෙ නැහැ. ටේහ්‍යුන් කිව්ව විදියට එයාගෙ සොයාගැනීම් වලට බාධා කරන කන්ඩායමක් එයාට කරදර කරනවා කියලා කිව්ව නිසා ජන්කුක් ගොඩක් බය උනා.
" බූබූ "
ටේහ්‍යුන් ජන්කුක් ට මිල්ක් කොෆී එක දීලා එයාට හදා ගත්ත මිල්ක් කප් එකත් අරගෙන ජන්කුක් ගාවින් වාඩි උනාම ජන්කුක් ටේහ්‍යුන්ගෙ චීක් එකට කිස් එකක් දුන්නා.
"තැන්කියු ප්‍රොෆෙසර් හියුන්ගී"
ජන්කුක් ලස්සනට හිනා උනාම ටේහ්‍යුන් ජන්කුක් දිහා ඇස් බෝල කරන් බලනකොට ජන්කුක් හිනා උනාම ටේහ්‍යුන් බිම බලා ගත්තා. ජන්කුක් DVD එකක් අරගෙන ටේහ්‍යුන්ට දික් කලා.
"හියුන්ගී අපි මේක බලමු...?"
ලොකු අකුරෙන් ස්නෝ වයිට් කියලා ගහලා තියන ෆිල්ම් එකක් ජන්කුක් ටේහ්‍යුන්ට පෙන්වනකොට ටේහ්‍යුන් ඒක අතට ගත්තා. වෙල්... ටේහ්‍යුන්ට ෆිල්ම් පේන්න බෑ. ෆෙයාරි ටේල්ස් එයාගෙ තත්වය බරපතල කලා. බට්... ටේහ්‍යුන් කොහොමද එයාගෙ බූබූ ගෙ හිත රිද්දන්නෙ. එයා dvd එක dvd player එකට දාලා මිල්ක් කප් එකත් අරගෙන ජන්කුක් ගෙ පපුවට තුරුලු උනා. ෆිල්ම් එක පටන් ගත්තා.
' අහ් '
වූල් වලින් ඇදුමක් ගොත ගොත හිටපු රැජින ගෙ අතෙ නීඩ්ල් එක ඇනුනා. එයාගෙ ලේ එතන තිබ්බ ස්නෝ වලට වැටෙනකොට රැජින එයාගෙ ප්‍රෙග්නන්ට් බන්ඩිය අත ගානකොට චූටි කුරුල්ලෙක් එයාගෙ උරහිසෙ වැහුවා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfic"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024