කමෙන්ට් ගෝල් 50
ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා ජන්කුක් ගෙදර කවුච් එකෙ වාඩි වෙලා බිම බලාගෙන හිටියා. ඒ දෙන්නා දිහා පුදුමෙන් පිරුණු ඇස් වලින් බලාගෙන හිටියෙ ජන්කුක්ගෙ ගෙ අප්පායි ඔම්මායි. ඒ දෙන්නගෙ එහා පැත්තෙ ජින් හියුන් හිටගෙන හිටියා. ජන්කුක් ටේහ්‍යුන්ව නැෂනල් සයන්ස් සොසයිටි එක මැද්දෙ හග් කරලා කිස් කරලා නැලෙව්වට පස්සෙ එතන හිටපු හැමෝටම සීයට ලක්ෂවාරයක් ප්රූව් උනා ටේහ්‍යුන් කියන බූබූ කියන්නෙ ජන්කුක් කියලා. අනිත් අයට ඒක එච්චර ගානක් නැති උනෙ එයාලා දැනටමත් ටේහ්‍යුන්ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගෙන හිටියා වගේම එයා ජන්කුක් කියන්නෙ කවුද කියලා නොදැන සිටීම නිසා.
ඒත් ජන්කුක් ගෙ ෆැමිලි එකට නම් ඒක එච්චර දෙයක් නෙවෙ කියලා කොහෙත්ම කියන්න බෑ. කොහෙත්ම බෑ!!!
(ජන්කුක් ගෙ අප්පයි ඔම්මයි දෙන්නම රිසර්ච් සයන්ටිස්ට්ලා)
" හරි..."
ජන්කුක් ගෙ අප්පා කීවා විතරයි මෙච්චර වෙලා ඉඳගෙන හිටපු ටේහ්‍යුන් එයාගෙ බූබූව තද කරලා බදා ගෙන පපුවට තුරුලු උනාම ජන්කුක්ත් ටේහ්‍යුන්ව තදම තද කරලා හග් කර ගත්තා. ඒ දෙන්නා කවුච් එක මැද්දෙ තද කරලා හග් කරගෙන ඉන්නකොට ජන්කුක් ගෙ අප්පායි ඔම්මායි මූණෙන් මූණ බලා ගත්තා.
" ජන්කුක්... තමුන් මිස්ටර් කිම්ගෙන් ලෙසන්ස් ගන්නවා කියලා ගිහිල්ලා මේවද කරන්නෙ ආ?"
ජන්කුක් ගෙ අප්පා කෑ ගහනකොට ජන්කුක් උත්තරයක් දුන්නෙ නැතත් ජන්කුක් ගෙ පපුව අස්සෙ මූන ගහගෙන හිටපු ප්‍රොෆෙසර් පැටියා උත්තර දුන්නා.
"බූබූට බනින්න එපා"
එයා හුරතල් විදියට කියනකොට ජන්කුක් ගෙ අප්පා ජින් දිහා බැලුවේ ප්‍රොෆෙසර් කිම් ගෙන් මේ වගෙ පර්සනල්ටි එකක් බලාපොරොත්තු උනෙ නැති නිසා. එයා ඕනෙවට වඩා බැරෑරුම් , හුරතල් පාට , පොඩි බබෙක් වගෙ කෙනෙක් තමයි. ඒත් ජන්කුක්ට තුරුලු වෙලා මෙහෙම හුරතල් වෙයි කියලා එයා කීයටවත් හිතුවෙ නැහැ.
" ප්‍රොෆෙසර් කිම්... ඔයාට පිස්සුද මේ වගෙ මෝඩයෙක් එක්ක අෆෙයා එකක් පටන් ගන්න තරම්? හැම තිස්සෙම හෙඩ් ෆෝන් දෙකක් ගහගෙන කිසිම වැඩක් නොකර ඇඳ උඩ නිදාගෙන ඉන්න , හැමදාම එක්සෑම්ස් රිපීට් වෙන මේ වගෙ පිස්සෙක් එක්ක? ආ යූ ක්‍රේසි ප්‍රොෆෙසර් කිම්?"
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024