කමෙන්ට් ගෝල් 50
එදා දෙසැම්බර් 25. ක්‍රිස්මස් දවස. ජන්කුක් ටේහ්‍යුන්ගෙ ගෙදර ගියේ ක්‍රිස්මස් සෙලෙබ්රේට් කරන්න. එදා එයාලගෙ පේරන්ට්ස්ලා බිස්නස් ට්‍රිප් එක ගිහින් තාම ඇවිල්ලා නැති නිසා ජිනුත් එයාලත් එක්කම ආවේ තනියම ඉන්න එයත් ආසා නැති නිසා. එදා මේ දෙන්නාගෙ ලව් සීන් එක දැකලා පැනික් ඇටෑක් එකක් ආව ජින් ගොඩ ගියේ යාන්තමට. ජින්ට තාම දිරවා ගන්න බැරි උනා නීතියට , තිතට, පිරිසිදුව වැඩ කරන ප්‍රොෆෙසර් ටේහ්‍යුන් ජන්කුක් එක්ක අෆෙයා එකක් පටන් ගත්තා කියලා. අනික ජන්කුක් , ප්‍රොෆෙසර් ටේහ්‍යුන් වගෙ කෙනෙක් එක්කට කැමති වෙයි කියන කාරණෙත් ජින්ට දිරවා ගන්න ටිකක් අමාරුයි.
අනික ලෝකෙම උඩු යටිකුරු කරපු තියරි එක උන ඇන්ටි මැටර් තියරි එක හොයාගෙන , පිසිස් සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සයන්ටිස්ට්ට එයාගෙ මල්ලි ' රෝස පාට කලරින් වැඩියෙන් වැටුනු මාෂ් මොලොව් එක ' කියලා කතා කරනවා? හොදයි. ප්‍රොෆෙසර් ජින්ට ඒක දිරවා ගන්න ටිකක් අමාරුයි. සෝ එයා තීරණය කියලා ඒක ගැන හිතන්නෙ නැතිව ඉන්න.
" ටේහ්‍යුන්ගී බූබූට ගොඩක් ආදරෙයි නේ"
ජන්කුක් ගෙ අත් දෙක තද කරගෙන ගුලි කරගෙන අඩන්න වගේ මූණ හදාගෙන ටේහ්‍යුන් කියපු විදියට ජින්ට ගොඩක් දුක හිතුනා වගේම එයාට පුදුමත් හිතුනා. කවුද හිතුවේ ප්‍රොෆෙසර් ටේහ්‍යුන් එයාගෙ ලවර් ඉස්සරහ පොඩි බබෙක් වෙනවා කියලා. අනික ජන්කුක් උනත් එයාගෙ ප්‍රොෆෙසර් බබාව හරියට හුරතල් කරනවා. එයාලා ජින් දැක්ක කියුට්ම කපල් එක කියලා ජින්ට ඒ වෙලාවෙ හිතුනා.
ටේහ්‍යුනුයි , ජන්කුක්යි දෙන්නා එකතු වෙලා ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරනවා ජින් බලාගෙන හිටියා.
" බූබූ... අංශක පහළොවයි කලා විසි දෙකක් දකුණට නැවෙන්නකෝ..."
"ප්‍රොෆෙසර් හියුන්ගී!! හියුන්ගීට මාව කෝණමානයක් වගේද පේන්නේ...?"
ජන්කුක් ටේහ්‍යුන්ව ක්‍රිස්මස් ට්‍රී එකට උස්සගෙන කියනකොට ටේහ්‍යුන් එක සැරේටම ජන්කුක් දිහා බැලුවා.
"නෝව්... නෙවෙර්.. නෙවෙර්!! බූබූ කෝණමානයක් නෙවෙයි!! කෝණමානයක් කියන්නෙ හාෆ් සර්කල් එකක්. බට් ජන්කුක් හාෆ් සර්කල් එකක් නෙවෙයිනෙ... බට් බූබූගෙ මේන් කම්පවුන්ඩ් එකක් විදියට කාබන් තියෙනවා. කෝණමානයත් ප්ලාස්ටික් වලින් හදලා තියේ නම්....."
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024