14 කොටස

895 209 124
                                    

කමෙන්ට් ගෝල් 50

" නෝ... නෝ... මගෙ අත.. අහ්.. ජ..ජන්කුක්"

ටේහ්‍යුන්ගෙ පස්සෙන් ආව ජන්කුක් දැක්කෙ එයාගෙ ප්‍රොෆෙසර් ස්විමින් ෆූල් එකට ඇදගෙන වැටිලා ඉන්නවා. එයා දෙපාරක් හිතන්නෙ නැතිව ස්විමින් ෆූල් එකට පැන්නෙ ප්‍රොෆෙසර් ව බේරා ගන්න. ගිලෙන්න යන ප්‍රොෆෙසර්ව අමාරුවෙන් අල්ලා ගත්ත ජන්කුක් අමාරුවෙන් පීනගෙන එනකොට ප්‍රොෆෙසර් කෙඳිරි ගාන්න පටන් ගත්තා.

"ජන්කුක්.. එක අතකි...න් පීනන්න එපා. එතකොට බල ඝූර්ණයක් ඇතිවෙලා ජන්කුක් ව අක්ෂයක් වටේ රවුමට කැරකෙයි. සෝ අත් දෙකෙන්ම...."

ටේහ්‍යුන් හුස්ම අල්ලන ගමන් අමාරුවෙන් කියනකොට එක අතකින් ප්‍රොෆෙසර් ව අල්ලගෙන අමාරුවෙන් පීන පීන හිටපු ජන්කුක් කටට ආව වචන ආදරේ නාමයෙන් අමාරුවෙන් නවත්වා ගත්තා.

"ඇ..ක්..සිල...රේෂන් එක වැ...වැඩී.. ඈන්ග..ල් එක ඇවරේජ් 34°. වතුර.. පෙ..වෙනවා.."

ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත තද කරලා අල්ලගෙන කියන්නෙ මොනවාද කියලා ජන්කුක් ට තේරුනෙ නැහැ. ජන්කුක් ට තේරුම් ගන්න උවමනාවක් තිබ්බෙත් නැහැ. ජන්කුක් අමාරුවෙන් පූල් එකෙ  ඈතට විසි වෙලා යටට ගිලි ගිලි හිටපු ප්‍රොෆෙසර්වත් ඇදගෙන පූල් එකෙන් එලියට පීනගෙන ඇවිත් අමාරුවෙන් හුස්ම අල්ලන්න පටන් ගත්තා.

"ආය්ෂ්.. ප්‍රොෆෙසර් හියුන්ගී.. ඔයා හොඳින්ද?"

ටේහ්‍යුන්ව බිම දිගා කරපු ජන්කුක් අහනකොට ටේහ්‍යුන් ගෙන් උත්තරයක් නැහැ. ටේහ්‍යුන් ඇස් දෙක පියාගෙන බිම හා හූවක් නැතිව වැතිරිලා ඉන්නවා.

"ප්‍රොෆෙසර් හියුන්ගී? ප්‍රොෆෙසර් හියුන්ගී...?"

ජන්කුක් ටේහ්‍යුන්ව හයියෙන් හෙලෙව්වත් ටේහ්‍යුන් අමාරුවෙන් හුස්ම ගත්තා මිසක් ජන්කුක් ට උත්තර දුන්නෙ නැහැ. ජන්කුක් ගෙ හාට් එක වේගයෙන් ගැහෙනකොට ජන්කුක් ගෙ ඇස් වලට කදුලු ත් ආවෙ ටේහ්‍යුන්ට මොනවා හරි වෙලාද කියන බයට.

"ම...ම මොකද කරන්නෙ? ඕකේ.. ඕකේ.. කෘතිම ශ්වසනය...? නෝ... නෝ ඒක හරි යන්නෙ නැහැ.. අයිශ්.."

ටිකක් වෙලා කල්පනා කරපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ බඩ හිමීට තද කරනකොට ටේහ්‍යුන්ගෙ කටින් වතුර එලියට පැන්නා. දෙපාරක් තුන් පාරක් එහෙම කලාම ටේහ්‍යුන් අමාරුවෙන් කැහැ කැහැ නැගිටිනකොට ජන්කුක් ටේහ්‍යුන්ව තද කරල බදා ගත්තා.

You're my anti matter || TK ✓Where stories live. Discover now