කමෙන්ට් ගෝල් 50
"වට්????"
යුන්ගී ටිකක් හයියෙන් අහනකොට ලයිබ්‍රි එකෙ අයිනෙ වාඩි වෙලා හිටපු ස්ටුඩන්ට් හැරිලා බලනකොට ජන්කුක් යුන්ගී දිහා පුදුමෙන් බලලා උරහිස් ඇකිලුවා.
"ඇයි...?"
"ප්‍රො...ප්‍රොෆෙසර් කිම් ටේහ්‍යුන් ජන්කුක්ට ප්‍රයිවට් ලෙසන්ස් කරනවා කිව්වා?"
යුන්ගී අහනකොට ජන්කුක් යුන්ගී දිහා දිහා පුදුමෙන් බලාගෙන හිටියා.
"ඔව්... මම කලිනුත් කිව්වා වගෙ ප්‍රොෆෙසර් අපේ ගෙදර ආවා. එයා අපේ හියුන්ගෙ කෝ සයන්ටිස්ට් කෙනෙක් නෙ. එයාලා මොකක්ද ප්‍රොජෙක්ට් එකක් කරනවාලු...."
"ඊට පස්සෙ උනෙ මොකක්ද?"
යුන්ගී ජන්කුක් කතාව කියලා ඉවර කරන්නත් කලින් පැනලා අහනකොට ජන්කුක් තොල් දෙක උල් කරගෙන අතෙ තිබ්බ පැන්සලෙන් මේසෙට ඇන්නා.
"ඊට පස්සෙ වෙච්චි දේවල් කතා කරන්න මම කැමති නැහැ... ඒවා වචන කරන්න බැරි තරම් දරුණුයි"
ජන්කුක් දුක් බර විදියට කියලා එයාගෙ ක්වොන්යම් මිකැනිස්ම් පොත ඉස්සරහ හිටපු ඇල්බට් අයින්ස්ටයින් ගෙ ලිප්ස් වල රෝස පාට හයිලයිටර් එකකින් ලිප්ස්ටික් ගාන වැඩේ කන්ටිනිව් කරන්න පටන් ගත්තා.
යුන්ගී ඒක දැක්කත් එයා ඒක එච්චර ගන්න ගත්තෙ නැත්තෙ ජන්කුක් කියපු කතාව එයාගෙ හිතට තදින්ම වැදිලා තිබුනු නිසා. එයා ලොකු කල්පනාවකට වැටෙනකොට ජන්කුක් අයින්ස්ටයින්ව ලස්සන කරන වැඩේ දිගටම කරගෙන ගියා. විනාඩි දහයක් ගත වෙන්න කලින් තමන්ගෙ මූණට හෙවනැල්ලක් වැටෙනවා දැනෙනකොට ජන්කුක්යි යුන්ගීයි දෙන්නම ඔලුව උස්සලා බැලුවා.
"ප්‍රොෆෙසර්?"
යුන්ගී උඩ පැනලා නැගිටලා අංශක අනූවටම නැවිලා ටේහ්‍යුන්ට බව් කලාම ටේහ්‍යුන් යන්තම් හිනා උනා.
"ප්‍රොෆෙසර් අයිම් මින් යුන්ගී. ප්‍රොෆෙසර් ගෙ ලෙක්චස් වලට ඇටෙන්ඩ් වෙනවා. මම ප්‍රොෆෙසර් ගෙ ලොකුම ෆෑන් කෙනෙක්...."
යුන්ගී ටේහ්‍යුන්ගෙ දකුණු අත බලේට ඇදගෙන වේගයෙන් හෙලවනකොට ටේහ්‍යුනුත් යුන්ගී ටේහ්‍යුන්ගෙ අත හොලවලා ඇති කරපු ෆ්රීකුවන්සි එකට වේගයෙන් හෙලවෙන්න ගත්තා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024