කමෙන්ට් ගෝල් 50
" කෝ මේකෙ පාස්වර්ඩ් එක වැඩ කරන්නෙ නැහැ නේ..?"
කලුපාට ගෝනි බිල්ලා ටේහ්‍යුන්ගෙ මූණට එබිලා කෑ ගහනකොට ටේහ්‍යුන් ඇස් ලොකු කර ගත්තා. ජන්කුක් ටේහ්‍යුන්ව ඉන්දෝලා එයාගෙ පපුවට තුරුලු කරගෙන හිටියෙ. කුකුලු පැටියෙක් වගෙ ජන්කුක් ගෙ පපුව අස්සෙ මූන හංගගෙන හිටපු ටේහ්‍යුන් ගෝනි බිල්ලා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.
"ටේ.. හ්‍යුන් ඇත්ත කීවේ... අනේ මට බනින්න එපා බය හිතෙනවා"
ටේහ්‍යුන් කඳුලු පුරෝගෙන ජන්කුක් ට තවත් තුරුලු වෙනකොට ජන්කුක් හිනා වෙලා කලු පාට ගෝනි බිල්ලා දිහා බැලුවා.
" ඔයා හිතන් ඉන්නෙ මම මගෙ ප්‍රොෆෙසර් හියුන්ගීගෙ රිසර්ච් ටික දුෂ්ටයා අතට දෙයි කියලාද කලු පාට නපුරු ගෝනි බිල්ලෝ..? ඔය ප්‍රොෆෙසර් හියුන්ගී ගෙ ලැප් එක නෙවෙයි!!"
ජන්කුක් කියනකොට කලු පාට නපුරු ගෝනි බිල්ලා ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා.
"වට්? තමුන්ට මොන හයියක් ඇවිල්ලද කොල්ලො?"
කලු පාට නපුරු ගෝනි බිල්ලා කෑ ගහලා ඉස්සරහට ආවෙ ජන්කුක් ට ගහන්න උනත් කොහෙන්ද මන්දා කන්ස්ටන්ට් ඇක්සලරේෂන් එකකින් ආව ලොකු පොතක් , ඒ පොතෙ මෑස් එක වැඩි කිරීම ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය නිසා ඇති උන ෆෝස් එක නිසා ලොකු ෆෝස් එකකින් කලු පාට නපුරු ගෝනි බිල්ලා ගෙ ඔලුව වැදෙන කොට ගෝනිබිල්ලා බිමට ඇදගෙන වැටුණා.
"වට්ද හෙල්?"
ගෝනි බිල්ලා කෑ ගහනකොට ගෝනි බිල්ලාගෙ යාලු ගෝනි බිල්ලෝ ටිකත් එයාලගෙ වෙපන්ස් ඇදලා ගත්තා. ඒ එක්කම එතනට පාත් උනෙ ලෝකෙ හොඳම ගලවා ගැනීමේ කණ්ඩායම. ගැහුවොත් මැරිලා වැටෙන ක්වොන්ටම් පිසිස් පොත් ගෝනියක් උස්ස ගත්ත ජිමින් එක්ක සෙල්ලම් තුවක්කුවක් අතට ගත්ත ජින් හිට ගත්තා. ඒ දෙන්නට පිටිපස්සෙන් ලොකු සුදු පාට පිටු තියන පොතක් , කැල්කියුලේටරයක් සහ පැනක් අතට ගත්ත ඉන්ට්‍රක්ටර් යුන්ගී හිටගෙන හිටියා.
ටේහ්‍යුන්ගෙ ඇස් ලොකු වෙනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවාම ජන්කුක් ටේහ්‍යුන්ව තද කරලා බදා ගත්තා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024