කමෙන්ට් ගෝල් 50
ටේහ්‍යුන් මේසෙට අත තියාගෙන නිදි කිරන ජන්කුක් ට රවාගෙන හිටියා. ටේහ්‍යුන් කියපු බාගෙට බාගයක් තියරීස් ' ජන්කුක් තියරීස් ' වලින් ප්‍රතිස්ථාපනය කරලා , අහිංසක ප්‍රොෆෙසර් ගෙ මොලේට සමනල් ගැටේ ගහපු ජන්කුක් කටත් ඇරගෙන නිදාගෙන ඉන්නවා ටේහ්‍යුන් රවාගෙන බලාගෙන හිටියා.
"ඉඩියට්"
තමන්ටම කියා ගත්ත ටේහ්‍යුන් ලැප් එක දඩස් ගාලා වහලා දාලා ජන්කුක් දිහා බැලුවා.
"ජන්කුක්"
ටේහ්‍යුන් ටිකක් හයියෙන් කියනකොට ජන්කුක් ගැස්සිලා ඇහැරිලා ටේහ්‍යුන්ට විරිත්තුවාම ටේහ්‍යුන් රවාගෙන ටිකක් වෙලා කල්පනා කලා. ජන්කුක් ගෙන් ප්‍රශ්නයක් අහලා ජන්කුක් ව අමාරුවෙ දාන්න ටේහ්‍යුන්ට උවමනාව තිබ්බත් ජන්කුක් ආයෙ කට කැඩිච්ච කතාවක් කියයි කියලා නිව්ටන් ලෝ එකක් ජන්කුක් ගෙන් අහන්න ටේහ්‍යුන් බය උනා.
ටිකක් වෙලා කල්පනා කරපු ටේහ්‍යුන්ගෙ ඇස් යොමු උනෙ පැත්තක තිබුණු වතුර කෝප්පෙට.
"මේ ග්ලාස් එකෙ වෝටර් එවපොරේට් වෙන්නෙ ඇයි කියලා එක්ස්පේලෙන් කරන්න"
ටේහ්‍යුන් කියනකොට ජන්කුක් සැහැල්ලුවෙන් උරහිස් ඇකිලුවා.
"සෝ ඊසි නෝ! ඒ ග්ලාස් එක තිබ්බෙ ජියොන් ජන්කුක් ගාව"
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා.
"සෝ? සෝ වට්?"
"ජියොන් ජන්කුක් හොට් නිසා වෝටර් එවපොරේට් වෙනවා"
ජන්කුක් ටේහ්‍යුන්ට ඇහැක් ගහනකොට ටේහ්‍යුන්ගෙ කම්මුල් දෙපැත්ත රත් වෙනවා ටේහ්‍යුන්ට දැණුනෙ ලැජ්ජාවට , තරහට ද කියලා ටේහ්‍යුන්ට දන්නෙ නැහැ. ජන්කුක් ගෙ හොට් එක කූල් වෙන්න ටේහ්‍යුන්ට වතුර එක ජන්කුක් ගෙ ඔලුවෙ නවන්න හිතුනත් ටේහ්‍යුන් අමාරුවෙන් දරා ගත්තා.
"යූ ඉඩියට්!! පාඩම ඉවරයි. නව් ගෙට් ලොස්ට්!!"
තරහෙන් කෑ ගහපු ටේහ්‍යුන් නැගිටිනකොට ජන්කුක් නැගිටලා බෑග් එකට ලැප් එක ඔබා ගෙන ටේහ්‍යුන්ට ඇහැක් ගැහුවා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024