කමෙන්ට් ගෝල් 50
උදේ නැගිටිනකොට ජන්කුක් දැක්කෙ එයාගෙ පපුව උඩ ඔලුව තියාගෙන තද නින්දට වැටිලා ඉන්න පුංචි සුරදූතයෙක්. බෙල්ල හරවපු ජන්කුක් ඉස්සරහ තියන කන්නාඩියෙන් පපුව උඩ නින්දට වැටිලා ඉන්න සුරදූත පැටියා දිහා බලාගෙන හිටියා. ජන්කුක් ගෙ නිරුවත් පපුවට උඩ සැහැල්ලු ලොකුම ලොකු සුදු පාට ශර්ට් එකක් ඇඳ ගත්ත ටේහ්‍යුන් නිදාගෙන. එයාගෙ අත අතක් ජන්කුක් ගෙ පපුව උඩ. ඒ සේරම මදිවට එයාගෙ හුරතල් තොල් දෙක හුරතල් විදියට උල් වෙලා. මේ හැම දෙයක්ම ජන්කුක් ගෙ හිතෙ පිරිලා තිබ්බ ආදරේ දෙගුණ තෙගුණ කරන්න ප්‍රමාණවත් උනා.
ජන්කුක් හිමීට ටේහ්‍යුන්ගෙ ඉන වටේ අත දාලා එයාව තවත් පපුවට තද කර ගන්නකොට ටේහ්‍යුන් කෙඳිරියක් පිට කරන ගමන් හිමීට ඇස් දෙක ඇරලා ජන්කුක් දිහා බැලුවා.
"ප්‍රොෆෙසර් හියුන්ගී.... ගුඩ් මෝනින් හියුන්ගී.. එන්න කිස් එකක් දෙන්න"
ජන්කුක් ටේහ්‍යුන්ව තුරුලු කරගෙන කිස් කරන්න හදනකොටම ටේහ්‍යුන් එයාගෙ තොල් අත් දෙකෙන්ම වහ ගත්තා. ජන්කුක් ටේහ්‍යුන් දිහා පුදුමෙන් බැලුවා.
"හියුන්ගී... ලැජ්ජා හිතිලාද... මම හියුන්ගී කීව ඈන්ගල් එකෙන්ම කලා. හියුන්ගී ට රිදුනාද ගොඩක්?"
ජන්කුක් කීවේ ටේහ්‍යුන්ගෙ කීමට බොරුවට උස්සගෙන ආව කෝණ මානෙ පෙන්වන ගමන්. ඒත් ටේහ්‍යුන්ගෙන් උත්තරයක් නෑ. වෙනදා සයන්ටිෆික් තියරීස් දහයක් පහලොවක් කියන ටේහ්‍යුන් අද නිහඩයි. ජන්කුක් ට පුදුම හිතුනා.
"හියුන්ගී... ප්‍රොෆෙසර් බබා? ඇයි මේ..?"
ඒත් උත්තරයක් නැති තැන ජන්කුක් ටිකක් කල්පනා කලා.
"ප්‍රොෆෙසර් හියුන්ගී දන්නවාද අර්ත් එක ජින් හියුන්ගී රොටී වගේ පැතලී කියලා??"
ජන්කුක් ආයෙමත් අහනකොට ටේහ්‍යුන් මොනවාදො කියන්න හැදුවත් එයා කට තද කරලා වහා ගත්තා. ජන්කුක් ට පුදුම හිතුනා.
"ප්‍රොෆෙසර් හියුන්ගී තරහ වෙලාද බූබූ එක්ක? බූබූට දුකයිනේ...."
ජන්කුක් තොල් දෙක බෙරි කර ගත්තාම ටේහ්‍යුන් වේගයෙන් දෙපැත්තටම ඔලුව වනලා එක සැරේටම ජන්කුක් ගෙ චීක් එකකට කිස් එකක් දීලා ඇඳෙන් නැගිට්ටත් එයා එක පාරට ම ඇඳටම වැටුනා. වැටුනෙ ඉඳගන්න ට්‍රයි කරපු ජන්කුක් ගෙ උකුල උඩටමයි.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024