කමෙන්ට් ගෝල් 50
උදෙන්ම ජන්කුක් ව එක්කගෙන යන්න ජන්කුක් ගෙ හියුන් , ජින් ආවේ ජන්කුක් ට කෙලින්ම යුනිවර්සිටි යන්න පුලුවන් වෙන්න ජන්කුක්ගෙ ඇඳුමුයි පොත් ටිකයි උස්සගෙන. ටේහ්‍යුන්ගෙ ගෙදරින්ම වොෂ් එකක් දා ගත්ත ජන්කුක් ටේහ්‍යුන් ලෑස්ති වෙනකම් කැරකි කැරකි හිටියා. ටේහ්‍යුන් කඩෙන් කෑම කන්න කැමති නැහැ කියලා උදෙන්ම නැගිටලා උයපු නිසා ටේහ්‍යුන් ටිකක් පරක්කුයි. ජින් එයාට පරක්කු වෙන නිසා ගියපු නිසා ජන්කුක් ටේහ්‍යුන් හදපු කෑමම කනවා කියලා ලෑස්ති වෙලා හිටියා.
"ප්‍රොෆෙසර් හියුන්ගී.. මම උදව් කරන්නද?"
ලොකු බෝල් එකක් උස්සගෙන එන ටේහ්‍යුන්ගෙන් ජන්කුක් අහනකොට ටේහ්‍යුන් ඔලුව දෙපත්තට වනලා ටේබල් එක උඩින් බෝල් එක තිබ්බා. ටේහ්‍යුන් වෙජ් උනත් රස කෑමක් ලෑස්ති කරලා ඇති කියලා හිතාගෙන බලාපොරොත්තු පුරෝගෙන බෝල් එකට එබුනු ජන්කුක් ගෙ මූණ ඤොරොක් උනා.
"වට් ඊස් දිස් ප්‍රොෆෙසර් හියුන්ගී?"
ජන්කුක් මූණ ඇඹුල් කරගෙන අහනකොට ටේහ්‍යුන් ජන්කුක් ට රැව්වා.
"කැරට් ඇන්ඩ් ගෝවා බොයිල් කරලා"
ජන්කුක් ට රවපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ ප්ලේට් එක අරගෙන පිරෙන්න කැරටුයි ගෝවයි බෙදුවම ජන්කුක් කට ඇද කරගෙන බලාගෙන හිටියා. එයාටත් බෙදා ගත්ත ටේහ්‍යුන් වාඩි වෙලා ජන්කුක් ට රැව්වා.
"හියුන් කොහොමද මේවා කන්නෙ?"
ජන්කුක් කිසිම රහක් නැති කැරට් කෑල්ලක් හපලා මූණ දෙල් කර ගත්තාම ටේහ්‍යුන් කැරට් කෑල්ලක් කටට ඔබන් සර්වියට් එකකින් කට වහගෙන හපලා ගිලලා ජන්කුක් දිහා බැලුවා.
"කැරට් වල විටමින් ඒ තියනවා. විටමින් ඒ අපේ නෝමල් විෂන් එක වැඩි කරනවා. තව ඉමියුනිටි , රීප්‍රොඩක්ෂන්......"
" රීප්‍රොඩක්ෂන් ?"
ජන්කුක් ට හදිස්සියේම උනන්දුවක් ඇති උනාම ටේහ්‍යුන්ගෙ මූණ රතු උනා. ජන්කුක් එයාගෙ බනී දත් දෙක එලියට දාලා ටේහ්‍යුන් එක්ක හිනා වෙනකොට ටේහ්‍යුන් එයාගෙ රත් උන කම්මුල් සීතල කර ගන්න පවන් ගහන්න ට්‍රයි කලා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfic"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024