34 කොටස

627 149 80
                                    

කමෙන්ට් ගෝල් 50

යුන්ගී උදෙන්ම නැගිටලා Attila Szaboගො Electronic Structure Theory එක තඩි ක්වොන්ටම් කෙමිස්ට්‍රි පොතක් දිග ඇරගෙන නෝට් පෑඩ් එකක සටහන් කර ගන්න ගමන් කවුච් එකෙ වාඩි වෙලා කියෝ කියෝ හිටියා. යුන්ගීගෙ මූණෙ තිබ්බෙ හොඳටම බැරෑරුම් පෙනුමක්. යුන්ගීගෙ අවධානය ගිලිහුනේ එතනට ආව එයාගෙ ' මන් ආසා කරදරේ ' එයාට කොෆී එකක් දික් කලාම. ඔලුව උස්සලා බැලුව යුන්ගී හිනා වෙලා කොෆී එක අතට ගත්තාම ' මන් ආසා කරදරේ ' එහෙමත් නැත්තං ජිමින් යුන්ගීගෙ එහා පැත්තෙ වාඩි උනා.

ජිමින් යුන්ගීගෙ මැන්ෂන් එකෙ දවස් පහක් මේ වෙනකොට ඉඳලා. ජිමින්ට ගෙදරින් යන්න කීව දවසෙ ඉඳන් ජිමින් හිටියෙ යුන්ගී එක්ක. එයා එකම එක පාරක් ගෙදර ගිහින් අප්පා නැති වෙලාවක එයාගෙ ඇඳුම් ටිකයි වෙන වෙන බඩුයි අරගෙන ආව මැන්ෂන් එකටම ආවා. මේ ගෙවුණු කාලෙ ජිමින් තීරණය කලා හඳුනා නොගත් කණ්ණාඩි වස්තුව කියන නම හැමතිස්සෙම නොකියන්න. මොකද හඳුනා නොගත් කණ්ණාඩි වස්තුව දැන් හඳුනා ගත් කණ්ණාඩි වස්තුවක් වෙලා ඉවරයි. ඒක නිසා ජිමින් එයාට යුන්ගී කියලාම කීවත් යුන්ගී නම් ජිමින්ට කීවෙ ' මම ආසා කරදරේ' කියලාමයි.

ජිමින් දිහා ඔලුව උස්සලා බලපු යුන්ගී කොෆී එක අතට ගත්තෙ වෙනදා වගෙ ජිමින් එයාගෙ බෙල්ල වටේ අත් දාගෙන එයාගෙ ලැප් එකෙ වාඩි වෙලා එයාගෙ මූණ කිෂී වලින් නාවයි කියන බලාපොරොත්තුවෙන් උනත් ජිමින් ඒ මොකුත් කලේ නැහැ. ඒ වෙනුවට ජිමින් නිකන්ම යුන්ගී ගාවින් බිම බලාගෙන වාඩි උනාම යුන්ගීට දුක හිතුනා.

" මම ආසා කරදරේ..... "

යුන්ගී කතා කරනකොට ජිමින්ට හැමදාම වගේ එයාගෙ පිට දිගෙ කරන්ට් එකක් යනවා තේරුනා. යුන්ගී කීව විදියට වොට් 250ට මිනිහෙක් මැරෙනවා කියලා , ජිමින්ට හොඳටම ෂුවර් උනා ඊට වඩා ලොකු කරන්ට් එකක් එයාගෙ පිට දිගෙ යනවා කියලා. ඔව්... මම ආසා කරදරේ දැන් විදුලි ආඳෙක් කියලා ජිමින්ට තේරුනා. ' මම ආසා විදුලි ආඳ පැටියෙක්!! '

" මම ආසා කරදරේ... යුන්ගීට කිෂී නෑ? යුන්ගීට කිෂී ඕනේ..."

යුන්ගී කියනකොට ජිමින් තොල් දෙක බෙරි කරගෙන යුන්ගී දිහා බැලුවා. ජිමින් ලා රෝස පාට පිජාමා එකක් ඇඳගෙන ඒකට ලා රෝස අයිස් කැප් එකකුයි , සුදු පාට හාවො දෙන්නෙක් ඉන්න රෙදි වලින් මහපු ෂූස් දෙකකුයි දාගෙන හිටියෙ... එයා තොල් දෙක බෙරි කරගෙන කකුල් දෙක දික් කරනකොට එයාව පෙනුණෙ චූටි බබෙක් වගෙ.

You're my anti matter || TK ✓Where stories live. Discover now