අනුරාධපුර දිස්ත්රික්කයේ කුඩා ගමක සිදුවූ සිද්දිදාමයක් ඇසුරින් ගොඩනැගුනු ප්රබන්ධයකි.. මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය...
___________________________________
"ඕයි නැගිටපන් මල්ලි.."
"නැගිටපන් ගෝත පැටියෝ... අන්න අරහේ අම්මා උඹට පොල් ගෙඩි දෙකක් ලෙලි ගහලා දෙන්න කියනවා..."
"උඹ නැගිටිනවද නැද්ද... අර මිනිස්සුන්ට ආවම දවල්ට කෑම ටිකක් දෙන්න ඕනි... නැගිටපන් දැන් කීයයි කියලද හිතන් ඉන්නේ වෙලාව..."
"ඇයි දැන් කීයද වෙලාව ?.."
මගේ දෙටු සොයුරියගේ කෙකරාරාවය අහන් ඉන්න බැරිම තැන මං යන්තම් ඇස් ඇරල ෆෝන් කට්ටෙන් වෙලාව කීයද බැලුවා...යකෝ තාම අටයි වෙලාව...
"අටයි බං අක්කේ වෙලාව...තව විනාඩි පහක් දෙන්න "
"අටයි තමයි වෙලාව නැගිටහන් තව කවදා උයන්නද උඹ පොල් ලෙලි ගහලා දෙන්න ඉන්නේ..."
මං මොකුත් නෑහිච්ච ගානට කකුල් දෙක අස්සේ ගහන් හිටිය කෝට්ටේ අරන් මූණ උඩින් තියාගෙන නිදාගත්තා.... මං වැඩිපුර නිදාගන්න විනාඩි පහ තමයි මට සැපටම නින්ද යන පැය දෙක..
"අනේ නැගිටපන්කෝ මල්ලි.... මට පොල් ලෙලි ගහන්න පුළුවන් නම් මෙලහකට ඒක කරලනේ... අරහේ අම්මා හදන්න ගත්තු ඔක්කොම හදලා ඉවරයි... මගේ පිට්ටුවට කිරිහොදි හදන්න පොල් නෑ ඕයි... මං පොරොන්දු උනා මහත්තයට ආස විදිහට හදලා තියනවා කියලා..."
පොඩ්ඩක් හිටින්න.... මේකි අඬනවද.... මං අංශක තුන්සියහැටටම කැරකිලා හැරිලා බැලුවා... දෙයියෝ සංසාරේ මේකි අඬනවා,... පොල් ගෙඩියකට මේ රන් කැටේ ඇඩෙව්වා කියලා දැනගත්තොත් අර හනුමන්තා මාව ලෙලි ගහයි.
"කෝ කෝ නාඩා ඉන්න. ඔහොම අඬන්න ගත්තොත් ඔය බඩේ ඉන්න පොඩි එකත් එලියට ආවට පස්සේ අඬන්න විතරක් තියගනී."
මං මගේ කලිසම් කොටේට උඩින් සරම් කෑල්ලකුත් පටලන් කාමරෙන් එලියට දිව්වා. අද අපේ මද්දු බැඳපු අයියගෙ කැම්පස් එකේ ප්රොෆෙසර් කෙනෙක් මෙහෙ එනවා. ඒ ප්රොෆෙසර්ගේ පුතණ්ඩියා තමයි මෙහෙ වාරිමාර්ග සම්බන්දව අලුතෙන් වැඩ බලන්න එන ඉංජිනේරු මහත්තයා.. අද උදේ පාන්දර ඉඳලා ඒ උදවියට දවල් කෑම ලෑස්ති කරනවා. ඉංජිනේරු මහත්තය අපේ ගෙදර නවාතැන් ගන්න කතාවකුත් කිව්වා. මගේ කාමරේ නැතුව වහලේ උඩ නැවතුනත් මට කමක් නෑ.
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30