❀ විසිහත්වෙනි දිගහැරුම ❀

2.9K 281 534
                                    

දැන් සතියක් තිස්සේ මං බලන් ඉන්නවා.... දැන් නම් අනුධයා කිව්වත් වගේ මං ඉන්නෙම මිනිහා මැරිච්ච ගෑනි ගානටද කොහෙදෝ.... සේරටම හපන් අම්මා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම.... බැලුවොත් අහන්නේ අසනීපයක්ද කියලා... අසනීප ගතියක් දැනෙනවනම් අප්පච්චිට කියලා කසායක්වත් හදවගන්නලු...ඒත් කොහොමද තේරුම් කරන්නේ මේක ඇඟේ අසනීපයක් නෙමෙයි හිතේ අසනීපයක් කියලා....

ලොකු අක්කගෙන් කොහොමහරි මිස්ටර් ඩෙවිල්ගේ ෆෝන් නම්බර් එක අරන් දවස් දෙක තුනක්ම මං කන්තෝරුවට ගිහින් කෝල් කලාට මේ මිනිහා නෙමෙයි ඒ එක ෆෝන් කෝල් එක්කවත් ආන්සර් කලේ... මටත් ඉතින් ලැජ්ජාවක් නෑනේ... ඉතින් දැන් මේ අදත් ගියා ඒ වැඩේටම.... කන්තෝරුවේ ඉන්න මිස් මාව දකිද්දිම හිනා වෙලා ෆෝන් එක දුන්නා... ඒ මනුස්සයත් මට නෝන්ඩිය දානවද මන්ද.... ඒ බලපු විදිහට මට එහෙමත් හිතුනා....

අදනම් කෝල් එක ආන්සර් කරනකන් හවස් වෙනකන් හරි ගන්නවා කියලා හිතාගෙනමයි මං හිටියේ...

ෆෝන් එකත් කනේ තියන් දෙතුන්පාරක් රින්ග් වෙනකන් මං අහන් හිටියා.... ඒත් එකපාරටම රින්ග් වෙන එක නැවතුනාම මං හිතුවේ කෝල් එක කට් වෙන්න ඇති කියලා... ඒත් එකපාරටම,

"හෙලෝ..."

පුරුදු කටහඬක්‌ ඇහෙද්දි මගේ ඇඟපත හිරිවැටිලා ගියා... වෙනදට එයාව දකිනවා ඒ කටහඬ අහනවා වගේ නෙමෙයි දැන්....

"හෙලෝ..."

එයා ආයෙමත් කතා කරනවා... මට ඒ වෙලාවේ ෆෝන් එක කනේ තියන් ඉන්නවා හැරෙන්න වචනයක් කතා කරගන්න අමතක වුණා...

"මේ.... මං..."

"මං කිව්වේ...."

"මං... මං... අනේ.. මං..."

ඒ වෙලාවේ ලාවට හිතට මහ අමුතු බයක් දැනෙන්න ගත්තේ ඇයි කියන්න මං දන්නෙත් නෑ.... මට කියන්න ඕනි මොකක්ද.කියලත් අමතක වෙලා තිබුනේ...සරලවම ඒ තත්පර කීපයක් ඇතුලත මං හිටියේ මීට ගොඩක් එහායින් වෙනම ලෝකෙක වගේ...

"ඇයි ඔය මංට නමක් නැද්ද..."

එයා නිකන් පුළුවන් නම් ෆෝන් එකෙන් අතදාලා කනට ගහන්න තරම් නපුරු විදිහට කතා කරන්නේ... දුෂ්ටකම නම් අඩුවෙන්නේ නෑ මේ මිනිහගේ... මටත් එලොව මෙලොව මතක නෑ... මට මේ වෙලාවට සිංහලත් අමතක වෙනවා...

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|Where stories live. Discover now