❀ විසිදෙවෙනි දිගහැරුම ❀

2.7K 241 239
                                    

මෙහෙ අපේ ගෙදර වගේ වුණේ නෑ.. කෑම මේසෙට ඇරලා තිබුනත් හැමෝම වගේ කෑම බෙදන් ගිහින් ඉඳගත්තේ ටීවී එක ඉස්සරහින්...

කෑම මේසේ තිබුනෙත් ටීවී එකට පේන මානේ..... මායි, මිස්ටර් ඩෙවිලුයි,අනුධයි තුන්දෙනාම දන්සල් වඳින්න ගිහින් වගේ පෝලිමට මේසේ ළඟ හිටගෙන උන්නා.. ලේඩිස් ෆස්ට් කියලා අපේ මද්දුට කෑම එකක් බෙදන ගමන් අම්මා අපිට ඉස්සරහින්... අප්පච්චියි මස්සිනාගේ තාත්තයි දෙන්නම කෑම මේසේ ඉඳගෙනම කෑම කනවා... නැන්දත් ඒ අතරෙම ඉඳන් අඩුපාඩු බෙදනවා..

මගේ වාරේ ආපු ගමන් මං පිඟානත් දෝතින්ම අල්ලන් කෑම බෙදාගන්න ගත්තා.. මං කෑම බෙදාගන්න ආවත් හරි ජනපද කල්‍යාණි පොඩි මෑන්ට බත් කව කවා ඇවිත් කෑම මේසේ පුටුවකින්ම ඉඳගත්තා.... මෙයාට මොකක්ද දැන් මෙතන තියෙන රාජකාරිය.... ජනපද කල්‍යාණිට හැඳි මිටෙන් කෙලලා අරින්න ඇති වෙච්ච බලවත් ආසාව යටපත් කරගන්න ගමන් මං කෑම බෙදාගන්න ගත්තා... මාත්‍ එක්කම මිස්ටර් ඩෙවිලුයි අනුධයිත් කෑම බෙදාගන්නවා...

"අදනම් අපේ චූටි වැඩිය කන්න පිරියක් නැති කෑම තියෙන්නේ.... මෙයා මේ වට්ටක්කා එහෙම මිරිසට හදලා කන්නේ නෑනේ.... ගුණයක් තියෙන එළවළුවක් කටේ තියන්නෙම නෑ... ඕකයි ඔය මොළේවත් ටිකක් හැදෙන්නේ නැත්තේ..,"

අම්මගේ වචන ටික ඉවර වෙද්දිත් වට්ටක්කා ව්‍යංජනේ හැන්දෙන් දෙපාරක්ම මං මගේ පිඟානට බෙදලා ඉවරයි...

"චූටිට වෙන මොනවහරි රත් කරලා දෙන්නද මං..."

මගේ පැත්තට හැරිච්ච අම්මගේ ඇස් නැවතුනේ මගේ පිඟානේ පැත්තක් වැහෙන්නම තියෙන වට්ටක්කා ටික උඩ...

"අක්කා කිව්වට ඔය යස අගේට බෙදාගෙන තියෙන්නේ අක්කේ.... බෝසිළු පුතාට එහෙ උයන ඒවා රස මදිද දන්නේ නෑනේ... මං නම් ඉතින් යහමෙට මිරිස් තුනපහ එහෙම කබලේ බැදලා අරන් හැදුවේ...."

"ඒක වෙන්න ඇති එහෙනම්...... අපේ ගෙදරදි නම් මෙතුවක් කාලෙට මේකා එක වට්ටක්කා කෑල්ලක් කටේ තියලා නෑ..."

අම්මා මං දිහා බලන් ඒ ටික කිව්වේ නම් ඒ තරම් හොඳින් නෙමෙයි.... හාල් මිටක් දැම්මනම් පුපුරන ගානට අම්මගේ මූණේ කේන්තිය...

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|Where stories live. Discover now