"ඔයාද බෝසිළු කියන්නේ..."
මං ඔව් කියන්න ඔලුව වනද්දි එයා මාත් එක්ක හිනා වුණා..
"අයියා කියලා තියෙනවා ඔයා ගැන..."
එතකොට මේ දිල්මෙත් අයියගේ මල්ලිද.... ඒත් එයානේ පවුලේ එකම ළමයා... කොහෙන්ද මල්ලි කෙනෙක්...
මං කිසිම දෙයක් හිතාගන්න බැරුව අන්දුන්කුන්දුන් වෙලා බලන් හිටියා.... දිල්මෙත් අයියටනම් දැන්ම ගැලවිල්ලක් නෑ වගේ.... ඒ අස්සේ එකෙක් අයියගේ බෙල්ල වටේ වැලමිට තද කරන්... එක කාල ගෝට්ටියක් එතන..."ඔය ආපු ගමන් පටන්අරන්.... මුලින් ගෙට එන්න දීලා එන්න..."
ගේ දොරකඩ ළඟින් ඇහුනු බර පිරිමි කටහඬ එක්ක මෙච්චර වෙලා දිල්මෙත් අයියව වට කරන් හිටපු අයත් පොඩ්ඩක් සන්සුන් වුණා.... කන්නාඩි දාපු කෙනෙක්..අයියගේ තාත්තගේ වයසේ විතර ඇති...අයියගේ තාත්තා නම් වෙන්න බෑ.... මං මීටකලින් ඒ කෙනාව දැකලා නෑ...
අර අයියගේ බෙල්ල හිර කරන් හිටපු කෙනාගෙන් ගැලවිලා එයා ආපහු මං ඉන්න තැනට ආවා...
මං අහන්න තියෙන ප්රශ්න ගොඩත් එක්ක එයාගේ මූණ දිහා බලන්න විතරයි ඕනි හිත කියෙව්වා වගේම එයා මගේ කරට අතක් දාන් අර ගැන්සිය පැත්තට හැරුනා...
"මෙයා ගැන එදා මං කිව්වනේ.... මේ තමයි බෝසිළු..."
"මෙයාගේ ගෙදර නේද අයියා ඉන්නේ..."
"හෙන කියුට්නෙ..."
එතන හිටිය වැඩිමල් පිරිමි ළමෙක් මං ගැන අහද්දි ගෑනු ළමෙක් ඇවිත් මගේ කම්මුල් දෙකේම කෑලි කැඩිලා යන්න තරම් හයියෙන් ඇද්දා... අයියා ඒ කෙල්ලගේ අත් දෙක අයින් නොකරන්න කම්මුල් වල කෑලි නැතුව තමයි යන්න වෙන්නේ...
"ඔයාගේ තාත්තා නේද වෙදමහත්තයා කිව්වේ... ඔයාටත් පුළුවන්ද අනේ මතුරන්න එහෙම...."
"ඔයා වශී බන්දන එහෙම දන්නේ නැද්ද.... කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් ඒවා..."
"ඔයා තොයිල් නටනවද අනේ..."
මටනම් මෙතන කරකවලා අතෑරිය වගේ... එක කෙනෙක්ට පස්සේ තවත් කෙනෙක්.. ප්රශ්න පත්තර පිටින් දිගාරිනවා... මං කියන්න ඕනි මොකක්ද කියලවත් නොදැන බලන් හිටියා....ජීවිතේට නොදැකපු හතරපස් දෙනෙක්ම තියාගෙන මෙතන මගෙන් ප්රශ්න අහනවා...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30