අනුධයි මායි පන්සලේ ඉඳලා ගෙදර එන්න පිටත්වුනත් අද දවසටම අපේ පොට් එකටවත් යන්න බැරි වෙච්ච නිසා ඒ පැත්තෙන් යන්න හිතාගෙන කැලෑ පාරට පැන්නා.. අද ඉස්කෝලේ දවසක් නිසා දවල් ඉස්කෝලේ ඇරුනට පස්සෙත් සිඟිති පාතාලේ සෙට් එක එකතු වෙන්නේ අඩුවෙන්... උන් සෙට් එක නැතුව කරන්න තරම් දෙයක් නොවුනත් අපි දෙන්නා අපේ පොට් එකට නිකමට හරි ගිහින් එමු කියලා හිතලා ඒ පැත්තට යන්න ගත්තා..
කැලෑ පාර වුනාට මේ හරිය මූකලාන නෙවෙයි... කැලෑව එලිපෙහෙලි කරලා හේන් වගාව හැමතැනම...
අතරින් පතරේ පුරන් වෙච්ච අතෑරපු හේන්.. එහෙම නැත්තන් ඒවට කියන්නේ සොහොන් හේන්..
අනුධනම් පන්සලේ ඉඳලම වැඩිය කතාවක් නෑ මං එක්ක.. භාගවිට තාම තරහෙන් ඇත්තේ... අනික මේකා බය වෙලා හිටපු විදිහට පාඩුවේ ඔන්න ඔහේ හිටපු දෙන් කියලා හිතලා මං ඉස්සරහින් ගියා... ඉඳලා ඉඳලා ආවේ මහ යායේ ඉරිඟු හේනට... මේ පළාතටම තියෙන ලොකුම ඉරිඟු හේන... ඉරිඟු කරල් ගොබ දාලා ගස් උසට උසේ... යාය අස්සට යනවා කියන්නේ ආපහු එලියට පැනගන්න ලේසි නෑ...
ඉරිඟු යාය මගෑරලා දෙවැට කපලා තියෙන වතුර පාර දිගේ අපි හේන මැද්දෙන් පහු කරන් ආවා... ඈතට වෙන්න ආපහු මහ කැලේ... ඊට ටිකක් මෙහායින් පුරන් හේනක්... රූස්ස ගස් දෙක තුනයි ඒ හරියටම ඉතුරුකරලා තියෙන්නේ...
ඈත පේන ලුණුමිදෙල්ල ගහ එහාට වෙන්න මිනිස්සු රොත්ත ගැහිලා... පොඩියට පේනවා වනජීවී එකේ මහත්තුරු දෙතුන්දෙනෙක් කලබලෙන් මිනිස්සු අයින් කරන්න හදනවා... ඈත තියලා වුනත් අත්දැකීමෙන් දන්නවා වෙලා තියෙන සංසිද්දිය මොකක්ද කියලා...
"මෙහෙ වරෙන් ඉක්මනට අඩිය ඉක්මන් කරලා..."
මං අනුධයාත් ඇදගෙන සෙනග ඉන්න පැත්තට දිව්වා... හිතුවා හරි... මේ සතියට මේ දෙවෙනි වතාව....අලුතෙන්ම කපලා වතුර පුරවපු වගා ලිඳට මේ වතාවේ වැටිලා තියෙන්නේ අලි පැටියෙක්... අලි පැටියෙක් කිව්වට ඇත් පැටියෙක්... පේන විදිහට තනි දළයෙක්...ඒ දළයත් යන්තම් එලියට මෝරගෙන ඇවිත් විතරයි...ළිඳ එක පැත්තකින් මිනිස්සු රොතු ගැහිලා වට වෙලා.... අනිත් පැත්තෙන් වනජීවී එකේ මහත්තුරු මිනිස්සු කෑකෝ ගහන එක අඩු කරන්න වලි කනවා... තවත් පැත්තකින් jcb එකකින් ලිඳේ කණ්ඩියක් හාර හාර පාත් කරනවා...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30