මායි අනුධයි ඉන්න පැත්තට මිස්ටර් ඩෙවිල් පිඹගෙන එනවා... මද කිපිච්ච අලියෙක්වත් නෑ ඔහොම.... ආපු ගමන් මගේ වැලමිට හරියෙන් තදට අල්ලන් ඇදගෙන ගියේ නැතැ මාව අර කැබ් එක ළඟට.... අනුධයත් මගේ පස්සෙන්ම නැට්ට වගේ ආවා...
"නගින්න..."
"මේකට...."
"ඔව් ඔව් නගිනවා.."
උදේ ගෙදරින් පයින්ම පිටත් වුණු එකාට කොහෙන්ද මේ කැබ් එකක්.... මං අනුධයා දිහා බැලුවම ඌත් උණහපුලුවා වගේ මං දිහා බලන් ඉන්නවා...
"මෙන්න දැන්වත් වාහනේට නැගපන්...."
ඉස්සරහ පැසෙන්ජර් ෂීට් එකට දොර ඇරලා මාව බලෙන්ම තල්ලු කරද්දි මං ෂීට් එකෙන් වාඩිවුණා.... මරන්න ගෙනියන හරකෙක් දිහා බලන් ඉන්නවා වගේ හෙනම අනුකම්පා මූණක් දාගෙන අනුධයා මං දිහා බලන් ඉන්නවා....මාව බේරගනින් යකෝ...
මං හිතුවා විතරයි කියන්න හම්බුනේ නෑ.. මෙන්න මූ ඇවිත් ඩ්රයිවින් ෂීට් එකෙන් ඉඳගත්තා....
"මල්ලිත් යන්..."
මූ අනුධයට කිව්ව ගමන් ඌත් නැග්ගා මං ඉන්න තැනටම... අපරාදේ කියන්න බෑ ඌ අපායට යන්න උනත් එනවා මගෙත් එක්ක... මගේ සීදේවි හරක් පැටියා.... ඔලුව ටිකක් අතගාන්න හිතුනත් මේ ඒකට වෙලාව නෙමෙයි.... ඊටවඩා හිතන්න දේවල් තියෙනවා දැන්...
ගමේ මිනිස්සු තාම මටයි අනුධටයි දෙස් තියනවද කොහෙද....වාහනේ කෙලින්ම අපේ ගෙවල් පාරට හැරෙව්වා...වාහනේ පාරෙන් එකයි... මග දෙපැත්තට අයින් වෙන මිනිස්සුත් බලනවා මේ පොඩි පාරක වාහනයක් අරන් යන හරකා මොකාද කියලා.... ඒ මදිවට මායි අනුධයි දත් තිස්දෙක විරිත්තන් ඉස්සරහම ඉන්නවා දැක්කම ඒ මිනිස්සුන්ට හිතාගන්න පුළුවන් වෙන්න ඇති...
ටික වෙලාවක් යනකන් මීයට පිම්බා වගේ කිසිම සද්දයක් තිබ්බේ නෑ..තැනින් තැන වලවල් පිරිච්ච පාරේ රෝද වැටෙද්දි මාවයි අනුධවයි උඩ විසික් වෙනවා...ඒ අස්සේ කොහෙන්ද ආපු චූ බරක් සෙට් වෙලා දේවතා එළි පේනවා... මේ ගැස්සෙන ගැස්සිල්ලට වැවේ සොරොව්ව ඇරියා වගේ වෙයිද දන්නේ නෑ...
"මොකක්ද අර කරපු නොසන්ඩාල වැඩේ... කාටහරි කරදරයක් උනානම් එහෙම මොකද කරන්නේ..."
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30