දීප් අයියා ඇවිත් මට එහාපැත්තෙන්ම ඉඳගද්දි එයාට ඉඩ දීලා මං එහාට වුණා...
එයා කෙලින්ම එබිලා බැලුවේ මං මොකක්ද කර කර හිටියේ කියලා...
"මෙ ඇල්බම් එක..."
එයා මං අතේ තිබ්බ ඇල්බම් එක අතට ගද්දි මාත් ඒක එයාට දීලා බලන් හිටියා...එයා ඒක පෙරලලා බලලා ඒ පුරාම ඇස් අරන් ගියා...එයාගේ පැති පෙනුම නම් දිල්මෙත් අයියා වගේමයි...
"අයියද මේක දුන්නේ..."
"ඔව්.."
"ෂුවර්ද..."
මෙයත් අහන්නේ මාර කතානේ.. දුන්නේ නැත්තං මේකට කකුල් තියෙනවා වගේ පේනවද...මං ආපහු ඔලුව වනලා ඔව් කිව්වා...
"අයියා ගොඩක් වෙනස් වෙලා..."
මේකා අමුතු විදිහට මං දිහා බලලා කිව්වා... හරියට මාව ස්කෑන් කරනවා වගේ... අයියා කෙසේවෙතත් මල්ලි නම් ටිකක් අමුතුයි තමයි... පෙනුමෙන් සමානකම් තිබ්බත් දිල්මෙත් අයියා කිව්වත් වගේ මේ පොර ගතිගුණ වලින් නම් මහ අමුතුයි...
"ඇයි දැන් එහෙම කියන්නේ..."
"මේක එයාගේ ඇල්බම් එක... මේක අපිට අල්ලන්න තහනම්..."
ඒකනම් ඉතින් එහෙම වෙන්න ඇති ඉතින්... ඔයාලා කවුද මං කවුද... මට ඔහොම කියන්නත් හිතුනා... ඒත් ඒක හොඳ මදි නිසා මං එහෙම නොකියා ප්‍රශ්නාර්ථ පෙනුමෙන් දීප් අයියා දිහා බැලුවා..
"අශ්වික අයියා පොඩි කාලේ ඉඳලා එකතු කරපු ෆොටෝස්... මේවා අපිට අල්ලන්නවත් දෙන්නේ නෑ... ලොකු අම්මට ලොකු තාත්තාටවත් ඕක බලන්න ලැබිලා නැතුව ඇති..."
"ඉතින්..."
"ඔයාට දීලා..."
මට දෙන්නේ නැතුව වෙන කාට දෙන්නද... මගේ මූණේ මහ මනමාල හිනාවක් ඇඳෙන්න ඇති... කාටද ඉතින් ආඩම්බර... නපුරු සෝබනකාරයා..
"ඔයා ගැන අයියා ඇවිත් කියද්දි මට හේතුවක් හිතාගන්න බැරි වුණා එයා වගේ කෙනෙක් ඇයි ගමක පොඩි කොල්ලෙක්ට කැමති වුණේ කියලා..."
දීප් අයියා අයියා මං දිහා කෙලින්ම බලන් හිටියා හරියට දිල්මෙත් අයියා මුල්ම කාලේ මං දිහා බැලුවා වගේ... දෙන්නටම තිබුනේ මහ සීතල බැල්මක්... ඒ දිහා කෙලින් බලන් ඉන්න අමාරුයි....හරිනම් මං මෙයා එක්ක මීට වඩා ලෙන්ගතු විදිහට කතාබහ කරන්න ඕනි... මොකද දිල්මෙත් අයියයි මායි අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්දයක්ද කියන්න එයා දැනටමත් දන්නවා... දිල්මෙත් අයියා එයාව විශ්වාස කරනවා කියන්නෙම ඒක හොඳ හේතුවක් නෙමෙයිද මටත් එයාව විශ්වාස කරන්න.... ඒත් එයා මහ ගුප්ත මනුස්සයෙක් වගේ හැසිරෙන එක මට එච්චර අල්ලන්නේ නෑ...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30