දිල්මෙත් අයියගේ තාත්තා ගෙදර හිටියේ නෑ... වැඩකට කොළඹින් පිට ගිහින්ලු... ඒ නිසා එදා රෑ කෑමට හිටියේ මායි දිල්මෙත් අයියයි එයාගේ අම්මයි විතරයි...
ගෙදර වැඩ වලට උදව්වට හිටපු මාලිති ඇන්ටිගේ උදව්වෙන් අයියගේ අම්මා කෑම මේසේ පිළිවෙලක් කලා...
"පුතාගේ අක්කත් අපේ දිල්මෙත්ගේ වයසේ නේද..."
රෑට කෑම එහෙම කාලා සාලෙට වෙලා ඉඳගෙන වටපිටාවේ ෆුල් නිරීක්ෂණයක යෙදිලා හිටපු මගෙන් දිල්මෙත් අයියගේ අම්මා අහද්දි මං ලාවට ඔලුව හෙල්ලුවා..
"අක්කාට මැරි කරන්න කෙනෙක් එහෙම ඉන්නවද..."
"නෑ තාම නම් අපි දැනුවත්ව නෑ...."
"දෙවෙනි අක්කා මැරි කරලනේ.... සුදේශ්ගේ වයිෆ්... ඒ යද්දි නම් ප්රෙග්නට්නෙ.."
"ඔව්...ම්ම්ම් තව මාසයක් නෑ බබා ලැබිලා..."
"මට පුතා කිව්වා... ඔයාලා එක්ක නුවර එහෙම ගියා කියලා..... එතකොට දැන් පුතා මොකද කරන්න ඉන්නේ..."
"රිසාල්ට් එනකන් තමයි ආන්ටි... ඊටපස්සේ තමයි මොකද කරන්නේ කියලා බලන්න ඕනි..."
"දැන් රිසාල්ට් එන්න ලඟයිනෙ... මේ මාසේ වෙද්දි එනවනේ..."
මං හිනා වෙලා ඔලුව වැනුවා... මෙහෙම පිටතින් සාමාන්යයයි වගේ පෙනුනට ඇතුලතින් ඇවිලෙන ප්රශ්න ඕවා...
"එතකොට දැන් පුතාට කවුරුත් නැද්ද... අයි මීන් දැනටම රිලෙෂන්ශිප් එකකද... ඒත් නැත්තං කැම්පස් එහෙම ගිහින්ම ඒ ගැන හිතනවද...."
ඉඳලා ඉඳලා කට උත්තර නැති ප්රශ්න අහද්දි කොහොමද කියන්නේ ඔයා තමයි මගේ අනාගත නැන්දම්මා... මං තමයි වෙන්ඩ බෑනා කියලා.... ඒත් මගේ කටට කලින් හිත ඉස්සර වෙලා ඉබේම මට ඔලුව වැනුනා...
"ඒ කියන්නේ දැනටමත් කෙනෙක් ඉන්නවද..."
මං ඔලුවත් කස කස බිම බලාගත්තා...
"ඕක ඉතින් ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයිනෙ... ඔය වයසට කෙනෙක් නැත්තං තමයි හිතන්න ඕනි... මේ පේන්නේ නැද්ද අපේ එක්කෙනා... පුතාටත් වඩා වැඩිමල්... ඔහේ ඉන්නවා..."
ඒ එක්කම මට ඇහුනේ කවුරුහරි කහින සද්දයක්... හැරිලා බැලින්නම් දිල්මෙත් අයියා අපි පිටිපස්සේ... කතා කර කර හිටපු මාතෘකාවේ බරපතලකමට මගේ මහත්තයට කැස්සකුත් ඇවිත්...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
No Ficciónවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30