🚫 18,19,20 කොටස් සමහර අයට මගෑරිලා තිබ්බ.. එකලඟ දුන්නු නිසා... ඒවා කියෙව්වද කියලා බලලා එන්න 😊👍
-----------------------------------------------------------------
රෑ නිදිමරලා මං ඇහැරෙද්දි දහය පහුවෙලා... හෙමීට කුස්සිය පැත්තට ගියේ බඩට මොනවහරි දාගන්න හිතාගෙන... ඒ තරමට බඩගිනි... මං යද්දි ලොකු අක්කයි අනුධයි මොනවදෝ කුටු කුටු ගගා කියෝනවා...
මං එනවා දැක්කා විතරයි දෙන්නා කතාව නැවැත්තුවා... මොනවද දන්නේ නෑ දෙන්නා එක්ක කතා කලේ... මටත් හොරෙන් මොකක්හරි මගඩියක් තමයි...
"චූටි නැගිට්ටද..."
මේ මොකද ලොකු අක්කා මෙච්චර හොඳින් කතා කරන්නේ... මෙතන මොකක්හරි දෙයක් තියෙනවා...
"හුම්ම් කන්න මොනවද තියෙන්නේ... බඩගිනි..."
"ඉන්න ඉන්න මං බත් බෙදලා දෙන්නම්... කාලා ඉක්මනට ලෑස්ති වෙන්න..... "
"ඇයි කොහේ යන්නද..."
මං ඇහුවම ලොකු අක්කා ගල් ගැහිලා වගේ මගේ දිහා බලන් හිටියා... ඒ අස්සේ අනුධයා චටාස් ගාලා අතින් නළලට ගහගත්තා.....
"නෑ මේ... ඔ ඉන්නකෝ... මං... බත්.. බෙ.. දල දෙන්නම්........ ම....ට මේ.... මේ...නිකන් හිතුනේ චූටි කොහෙහරි ය... යනවා ඇති කියලා..."
ලොකු අක්කා එකපාරටම වචනත් පටලනවා... අනුධයා ඊට පිටිපස්සෙන් ඉඳන් විරිත්තන් අක්කා කියන ඒවට ඔලුව වනනවා...මේ මිනිස්සුන්ට උදේම මොනවහරි වැරදි දෙයක්වත් කැවිලද... පුදුම විකාරයක් උනානේ මේක...
අද මිස්ටර් ඩෙවිල් දළඳා මාලිගාවට යන් කියලා කතා කලාට මට තාම අනුධට ඒ වගක් කියන්න බැරි වුණා.... ලොකු අක්කා මගේ බත් එක බෙදන වෙලේ මං අනුධට කිට්ටු උනේ ඒක ගැන කියන්න...
"මේ බං... ගමනක් යන්ද.."
"අදනම් කොහෙවත් යන්න විදිහක් නෑ...."
අනුධයා මං ගමන කොහෙද කියලා කියන්නත් කලින් පැනල කිව්වා...
"ඒ මොකද.... ඇයි උඹ මොනවද කරන්න ඉන්නේ..."
"මොකුත් කරන්න නෑ... මට සනීප නෑ...."
අනුධයා නියපොතු හප හපා කියනවා.. උට මං ගැන ගානක්වත් නෑ... මං කියලා එකෙක් මෙතන නෑ වගේ උත්තර දෙන්නේ...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30