❀ විසිපස්වෙනි දිගහැරුම ❀

2.6K 230 204
                                    

මේ මාර දූවරු තුන්දෙනා එක්ක අදට හරියටම සතියක් මට මේ වහලේ යට ඉන්න සිද්ද වුණා... දැන් නම් ඉවසීමේ සීමාවත් පැනලා තව ගව්වක් විතර දුරත් ගිහින් නිසා අන්තිමට මං සූකිරියට මේ ප්‍රශ්නේ විසඳන්න භාර දුන්නා... කොල්ලට වෙන්න ඕනි මොනවද කියලා මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි කීපසැරයක්ම පැහැදිලි කලාට පස්සේ අද හවසට ඉස්කෝලේ ඇරිලා එන ගමන් අපේ ගෙවල් පැත්තට එන්න කිව්වා...

මේ සේරම වෙන්නේ ගෙදරට හොරෙන් නිසා කොල්ලට එන්න කිව්වේ පහළ ලිඳ ගාවට... මට අවේලාවේ ලිඳ ළඟ ඉඳලා තනිකම් දෝසෙ හැදෙයි කියලා අනුධයත් ඇවිත් ඌ දැන් රෙදි ගල උඩ ඉඳගෙන මටම පද කියනවා...

"උඹට අර කෙල්ලෝ තුන්දෙනාට පාඩුවේ ඉන්න දීලා පැත්තකට වෙලා ඉන්න බැරි හින්දනේ මේ සේරම.."

"තව පැත්තකට වෙලා හිටියොත් මට රෙදි ටිකත් අකුලන් එලියට බහින්න තමයි වෙන්නේ... බලපං දැන් මේ සතියට විතරක් කීපාරක් මුන් හින්ද බැනුම් ඇහුවද කියලා අම්මගෙන්... අර හෝන්තුවගේ වැඩේ බොරු පාණිය දාන එක... මෙච්චර කල් නොපෙනිච්ච වැරදිත් පේනවා දැන් අම්මට..."

"ඉතින් දැන් උඹ ඔය කළු තෙල් බෝතලේ මොකටද සූකිරිට දෙන්නේ.."

"උට මන් විස්තරේ කියලා තියෙන්නේ... ඌ ගානට වැඩේ කරයි..."

"ගානට කරලා ඒ ගානටම ගම වටේටම කියවයිද දන්නේ නෑ..."

"ගම වටේටම බැරිනම් ඌ රට වටේ ගිහින් හරි කියපුවාවේ... මට ඕනි මුන් තුන්දෙනා ආපු දිහාටම හරවලා යවන්න..."

"නැන්දට හ‍රි මාමට හරි මාට්ටු උනොත්..."

"මුන් ගියාට පස්සේ මාට්ටු උනත් කමක් නෑ..."

"අනේ මන්ද ඕයි..."

"උඹ පොඩ්ඩක් ඔය කන්දොස්කිරියාව නවත්තල හිටපන්කෝ... බිත්තරේ දාගන්න බැරි වෙච්ච කිකිළි වගේ කෙකර ගාන්න තියාගත්තා.... උඹ නෙමෙයිනේ කරන්නේ.. වෙන දෙයක් වෙන්නේ සූකිරිටයි මටයි..."

"තොපි දෙන්නට විතරක් වෙලා බේරුනොත් ඇති... කොහෙවත් හිටිය මාව ඕවට නිකන් ගෑවෙන එකයි මට තියෙන ප්‍රශ්නේ..."

මං අනුධට උත්තර දෙන්න ලෑස්ති වෙද්දිම සූකිරියා කන්ඩියෙන් පැනලා අපි පැත්තට ආවා...

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|Where stories live. Discover now