මං කෑ ගහලා ආපහු කලබලෙන් වටපිට බැලුවා... මේක මගේ කාමරේනම් නෙමෙයි.... මගේ කටහඬ ඇහිලාවත් කිසිම කෙනෙක් ආවේ නෑ... කාමරේ කිසිම කෙනෙක් පේන්නත් නෑ... විනාඩි දෙක තුනක් යද්දි තමයි මට සිහියට ආවේ මං මේ ඉන්නේ අපේ ගෙදරම තමයි කියලා... ටිකෙන් ටික ඊයේ රෑ වෙච්ච දේවල් මතක් වෙද්දි මට හිතාගන්න පුළුවන් වුණා මං ඉන්නේ මිස්ටර් ඩෙවිල්ගේ කාමරේ කියලා... ඒත් කෝ මේ මනුස්සයා... ඒ විතරක් නෙමෙයි මං කොහොමද ඇඳේ ඉන්නේ...
මොන ප්‍රශ්නෙට උත්තර හොයන්නත් කලින් මිස්ටර් ඩෙවිල් කොහෙද කියලා බලන්න හිතන් මං කාමරෙන් එලියට ආවා... ඒ එක්කම මං දැක්කා මිස්ටර් ඩෙවිල් ඉස්තෝප්පුවේ ඉඳලා මිදුලට බහිනවා... මං කතා කරන්න කියලා කට අරින ටිකට මිනිහා කැබ් එකට නැගලා යන්නත් ගියා..
ඊයේ රෑ උණ හැදිලා කෙඳිරිගාපු මිනිහා නේද මේ... ඒත් අද වෙනදා වගේ නෙමෙයි... තනිකර සුදු ඇඳලා... උදේම කොහේ යනවද මන්ද...
අප්පච්චි පේන්නත් නෑ එළියේ... මං නිදිමරගාතේ අම්මව හොයන් කුස්සියට ගියා... ඒ යද්දිත් කුස්සිය ඇතුලේ එක යුද්ධයයි... අම්මා දඩිබිඩි ගාලා කලබලේ එහෙට මෙහෙට යද්දි මං අඩිය තියනවත් එක්කම ලොකු අක්කත් කුස්සියට ආවා...
"චූටි මේ කට්ට ගහන්න..."
"අපෝ තාම ගියේ නැද්ද... දැන් කීයද වෙලාව..."
"ඒක තමයි පරක්කුයි... ඕක ඉක්මනට ගහන්න..."
"ඉස්කෝලේ ඉවර වෙන වෙලාවට ගියානම් හරි... "
"කට වහන් කියපු එක කරනවකෝ..."
"කොහාටද...."
"කොහාට නෙමෙයි සාරි පොටට..."
"අනේ හරි හරි... මාවමයි පේන්නේ ඔක්කොටම..."
ඒ අස්සේ අම්මා බත් පාර්සලයක් අරන් ඇවිත් ලොකූ අතට දුන්නා...ඒ වෙලාවේ තමයි මට මතක් වුනේ ඇයි මං කුස්සියට ආවේ කියලා...
"ඒ අක්කේ කොහෙද අර අරයා උදේම ලෑස්ති වෙලා ගියේ..."
"කවුද.."
"අරයා බං..."
"කවුද අරයා..."
"මිස්ටර් ඩෙ... නෑ මේ දිල්මෙත් අයියා..."
"අනේ මේ මට ඕවට උත්තර දෙන්න වෙලාවක් නෑ මං යනවා...."
"පුදුම හදිස්සියක්නේ මේක..."
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30