❀ දහසයවෙනි දිගහැරුම ❀

2.3K 207 126
                                    

ගෙවල යකු බඳින මහා බන්ධනය

මං ඒ වචන මගේ තොල් අතරේ මුමුනද්දී ආයෙමත් අනුධ මගේ අතකින් ඇද්දා...

"උඹ මොකක්ද මේ කරන්න යන වැඩේ පදනම..."

"අපි මේ වැඩේ කරලා බලමු....වැඩේ හරි ගියොත් දෙන්නම ගොඩ..."

"ගොඩ නෙමෙයි දෙන්නටම අඩි හයක් යට තමයි නවතින්න වෙන්නේ..."

"යකා අපිට බැඳගන්නේ නෑ යකෝ... නූලකට බැඳගන්න තියෙන්නේ..."

"යක්කු මතක් කරන්න එපා යකෝ... කීපාරක් කියලා තියෙනවද උඹට මං...."

"අනේ බූරුවෝ... පොඩ්ඩක් මං කියන එක අහලා හිටපන්..."

ඒත් අනුධනම් මං කියන එක කනකටවත් නොගෙන මගේ අතින් ඒ මන්ත්‍ර පොත උදුරගත්තා....ඊටපස්සේ වේගෙන් පිටු පෙරලන්න පටන්ගත්තේ ඇස් වේගෙන් ඒ පිටු පුරා යවන ගමන්...

"මේ මේ බලහන්......දොරවල් අගුල් කඩන මන්ත්‍රයක්..... දොරට අත තිබ්බ ගමන් අගුල කැඩෙනවලු... එතකොට මේ තවත් එකක්....නොපෙනී යන්න මන්තරයක්..,. තව මේ බලපංකො... මිනිස්සු ගල් කරන්න.... යක්කු එපා මෙන්න මේක කරමු.... මනුස්සයෙක් ගල් කරලා ලබන වෙසක් එකට පන්සලේ තියලා පෙන්නමු... ටිකට් එකක්‌ රුපියල් දහයට කඩමු... හා නේද.... යක්කු ඕනි නෑ බන්..."

"අනේ මේ ඕයි... විකාර නොකියා හිටපන්...රුපියල් දහයට ටිකට් කඩන් අහවල් එකක් කරන්නද... මේ කරන වැඩේ හරි ගියොත් හිතනපතන ඕනි දෙයක් කරගන්න පුළුවන්..."

අනුධයා අතින් ආපහු පොත ගත්ත මං ආයෙමත් ඒ පොතේ පිටු පෙරලුවා...මෙතන මනුස්සයෙක් මරන්න පුළුවන් මන්ත්‍ර පවා තියෙනවා,.... ඒ හැම මන්ත්‍රයක් අවසානෙම යටින් ලියලා තියෙන්නේ 'මෙලොව පරලොව දැන කරනු මහත් පාපයක්' කියලා

ආපහු මං කලින් කියවපු පිටුව දිහා බැලුවා... එතන මන්ත්‍ර කීපයක්ම වගේම වැඩකටයුතු සිද්ද කරන වත්පිළිවෙත් පිළිවෙලට සටහන් කරලා තිබුනා...ලියල තිබුණු විස්තර කියවන අතරේ එයින් එක මන්ත්‍රයක් මං තරමක් සද්දෙන් අපිට විතරක් ඇහෙන්න කියද්දි අනුධයා අතින් මගේ කට වැහුවා...

"පිස්සුද මනුස්සයෝ,.... ඕවා ඔහොම කියලා දැන්ම මෙතනට යක්කු ගෙන්න ගන්නද යන්නේ.."

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|Where stories live. Discover now