තද නින්දක හිටිය මාව එකපාරටම ගැස්සිලා ඇහැරුනා... ඒ එක්කම මං බැලුවේ මං ඉන්නේ කොහෙද කියලා...හිටියේ මගේ කාමරේ නොවිච්ච නිසා නැගිටලා ඇඳෙන් ඉඳගන්න හැදුවත් බෙල්ල හරහා වැටිලා තිවුණු බරක් නිසා නැගිටිනවා තියා හිතන්නවත් බැරි වුණා...
මං ඔලුව හරවලා එහා පැත්ත බලද්දි තමයි දැක්කේ මිස්ටර් ඩෙවිල් කොට්ටෙට මූණේ පැත්තකුත් තද කරන් තාමත් නිදි කියලා... අනේ මගේ චූටි කුකුවා...එයාගේ අතක් තමයි මගේ ඇඟට උඩින් දාගෙන ඉන්නේ... සම්පුර්ණ මී කතුරකට අහුවෙලා වගේ මාව.. හෙල්ලෙන්නවත් බෑ..
මං හෙමීට එයාව ඇහැරවන්නෙ නැතුව ඒ අත මගෙන් පැත්තකට කරන්න හැදුවත් ඒකෙන් උනේ මේ මනුස්සයා නින්දෙන්ම මගේ උරහිසයි බෙල්ලයි අතරට මූණ තද කරන් තවත් මාව බදලා තද කරගත්තු එක...
"ගුඩ් මෝර්නින් ...,
"මං ඇහැරෙව්වද..."
"ග්‍රීට් කලාම ග්‍රීට් කරන්න පුරුදු වෙන්න..."
"හරි හරි මෝර්නින් "
මේකා මගේ බෙල්ල අස්සේ ඔලුව ගහන් කුටුකුටු ගාද්දි මට කිචිත් වගේ...
"කෝ ඔය අත ගන්න..."
"ඒ මොකටද..."
"මට නැගිටින්න ඕනි..."
"වෙලාව කීයද..."
"ඒක බලන්නත් නැගිටින්න එපැයි මුලින්..."
"ඔය ෆෝන් එකෙන් බලන්න..."
මිස්ටර් ඩෙවිල්ගේ පාන්දර කැඩිච්ච ගොරෝසු කටහඬින් කියද්දී මං හෙමීට ඇඳේ අතපත ගාලා ෆෝන් එක අරන් වෙලාව බැලුවා. එතකොටයි මං දැක්කේ මේකාගේ හෝම් ස්ක්‍රීන් එක... කලින් දැකලා තිබ්බේ නෑනේ...
ඒකෙ ඉන්නේ මම... කොයිවෙලේ කොහොම ගත්තද කියන්න නම් දන්නේ නෑ.. හැබැයි එදා නුවර මාලිගාවේ ගියපු දවසේ මං කිරි මූද අයිනේ වලාකුළු බැම්මට වැලමිට දෙක තියන් වැව දිහා බලන් ඉන්න ෆොටෝ එකක්... මේකා මේවා කොහොම ගත්තද මන්ද... වෙලාව බලන්න ගියපු මං ටික වෙලාවක් මගේම රූපේ දිහා බලන් හිටියා... මහ කපටියෙක්නෙ බලන් ගියාම අටසිල් උපාසක වගේ ඉන්නේ... තව කාගේ කාගේ ෆොටෝ ගැහුවද දන්නේ නෑ...
මිස්ටර් ඩෙවිල් ආපහු එහෙට මෙහෙට පොඩ්ඩක් දඟලද්දී මං වෙලාව බැලුවා...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30