"මොකාද දොර කඩන්න හදන්නේ..."
මං බිම දිගාවෙලාම ඉන්න ගමන් බෙරිහන් දුන්නා... තාම ඇහැරුණු ගමන් නිසා උගුරේ සෙම බැඳිලා වගේ... කටහඬ ඇහෙන්නේ මලකඩ බැඳුනු යකඩ රීප්පයක් පහුරු ගාන්න වගේ.... ඒ තරම් මිහිරි...ගමේ කෙනෙක්නම් වෙන්න බෑ කීයටවත්... අම්මයි අක්කලා දෙන්නයි පාර දිගේ බස් හෝල්ට් එක වෙනකන් පයින් යන්න ඇත්තේ... ගම මැද්දෙන් පෙරහැර වගේ යද්දි මිනිස්සු දකිනවනේ ගෙදර අය නෑ කියලා... ඒ නැතත් ගමේ අය දොරකඩ කවුරුත් පේන්න නැත්තන්, දොරවල් වහලා දාලනම් කුස්සිය පැත්තෙන් ගිහින් කතා කරනවා මිසක් මෙහෙම දොර පලු දෙක ගලවන්න හදන්නේ නෑ...
උදේ පාන්දර හිතෙන්නෙත් නෑ කවුරු වෙන්න ඇතිද කියලා.... මං නැගිටලා බලන්න කියලා ලෑස්ති වුනත් අත උස්සන්න බෑ... අනුධයා මගේ අත බදාගෙන නාවර පෙරාගෙන කටත් භාගෙට අරන් කකුල් අතපය හතරඅතේ දාන් නිදි.... හරියට අන්දරේ මළා වගේ...
මං තව ටිකක් ඔලුව උස්සලා බැලුවේ අපිට එහාපැත්තෙන් නිදාගත්ත මිනිහා කෝ කියලා.... මේකා පේන්නවත් නෑ... මූව මොකෙක්වත් උස්සන් ගියාද දන්නේ නෑ...
"මේ ඕයි නැගිටපන්...."
"තව විනාඩියයි අම්මේ..."
"මං අම්මා නෙමෙයි උඹේ කිරි අම්මා... නැගිටපන් ගුටි නොකා..."
"ම්ම්ම්ම් "
මං මගේ අත ඇදල ගන්න හදන ගමන් මේකව ඇහැරවන්න හැදුවට මූ නෙමෙයි ඇහැරෙන්නේ... ඒත් එකපාරටම ඉද්ද ගැහුවා වගේ මූ ඉඳගත්තා... මෙන්න ඒ පාර හොල්මනක් දැක්කා වගේ ඇස්ගෙඩි දෙක තඩි කරන් බලන් ඉන්නවා... මාව එච්චර කැතට පේනවද නැගිට්ට ගමන්... මං පිට අල්ලෙන් කට වටෙයි මූණයි පිහදාගන්න ගමන් පැදුරේම කෙලින් වෙලා ඉඳගත්තා...
"මොකෝ බං..."
"අපේ කිරිඅම්මා මැරිලා හත්අවුරුද්දක් වෙනවා බං... උන්දැ කොහොමද මෙතනට එන්නේ..."
ඔන්න මේ වෙලාවට තමයි මට මෝදු වෙන්නේ.... උදේ පාන්දර භූත දොඩවනවා මූ... ඒ පාර ආයෙම දොර කඩන්න හදනවා... ඔය වෙලාවට දොර අරින්නේ නැතුවම තව නටපං කියලා ඉන්න හිතයි...ඇයි යකෝ...
"බෝසිළු දරුවා තාම නිදිපැදුරේ මං හිතන්නේ..."
මලකෙලියයි ලොකු හාමුදුරුවෝ... මගෙයි අනුධගෙයි නිදිමත කොහෙන් ගියාද නෑ දඩිබිඩියට නැගිටලා මං ඇස් වල කබත් කඩ කඩ දොර ගාවට යද්දි අනුධයා උගේ වැටෙන්න ඔන්න මෙන්න තියෙන සරමත් එක කොනකින් අල්ලන් පැදුරු අකුලනවා... ඌ ඒ ටිකත් උස්සන් මගේ කාමරේ අස්සට දුවද්දි මං දොර ඇරියා...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30