ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙමෙයි අනුධයා...
"උඹ මොකද මෙච්චර වේලාසනින් "
"අඩෝ බෝසිළු... මේ මොකද ඇහැරලා..."
"අර කිව්වත් වගේ මොකෝ මේ... වෙනදට පස්සට එළිය වැටිලාවත් ඇහැරෙන්නේ නැති මිනිහා අද උදෙන්ම ඇහැරලා..."
ලොකු අක්කත් මටම ඇනුම්පද කියනවා... මං ඒවට මොකුත් නොකියා හිරමන බංකුව උඩින් ඉඳගත්තා...
"මේ ඇවිත් තියෙන්නේ... මොකද පාන්දර..."
අම්මත් ඇවිත් අහන්නේ හරියට මං මේ ජීවිතේ පලවෙනි වතාවට මෙච්චර උදෙන් නැගිටලා වගේ...
"නිකන් නිකන් මට ඊයේ නින්ද ගියේ නෑ..."
"ඇයි චූටි පුතේ අසනීපයක්වත්ද..."
අම්මා පිට අල්ල නළලට තියලා බලන ගමන් ඇහුවා...
"නෑ නෑ..."
"කෝ මේ බුද්ධ පූජාව ගිහින් දෙන්න... "
අම්මා බුද්ධ පූජාව බෙදපු පාත්‍රේ මං පැත්තට දික් කලා.. මං ඒක ගන්න හැදුවට අම්මා ඒක දුන්නේ අනුධයට...
"ඔය කුණුකෙල පෙරන් පුළුවන්ද මේවා කරන්න..."
අම්මා කියද්දි අනුධයා මටත් විරිත්තන් අප්පච්චිව හොයාගෙන ගියා...
"මොකද මේ කිරිබත්... අද විශේෂයිද..."
"දිල්මෙත් අදනේ මුලින්ම රාජකාරියට යන්නේ ඒකට මේ අම්මා කිරිබත් හදලා..."
"මේක හරි වැඩක් නේ... එයා මේ ගෙදර පුතා වගේනේ සැලකිල්ල..."
"හොඳ දේකදී ඔහොම කතා කරන්න එපා ළමයෝ..."
"මං මොකක්ද ඉතින් වැරද්දක් නෙමෙයිනේ කිව්වේ..."
"හරි හරි ඔයා ඕව නොහිතා ගිහින් මූණ හෝදන් එන්න.. මං යනවා ලෑස්ති වෙන්න... මටත් ඉස්කෝලෙට යන්න එපැයි.."
අම්මා කිරිබත් කෑලි කපන අතරේ ලොකූ කුස්සියෙන් ගියා... යසයි ඉස්කෝලේ හාමිනේ හත පහුවෙලාත් තාම ගෙදර...
අම්මා අප්පච්චිටයි මිස්ටර් ඩෙවිල්ටයි කෑම මේසෙට කතා කරලා තිබ්බ... මටනම් බෑ අර පිසාච මූණ දිහා බලන් මගේ දවස විනාස කරගන්න... ඒ නිසා බඩගිනි නෑ පස්සේ කන්නම් කියලා මං කුස්සියට වෙලා හිටියා... අනුධයනම් කාටත් කලින් මේසෙට වාඩිවෙලා... ඔය මිනිහා කන්න දෙනවනම් මේ මාවත් පාවලා දෙයි...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30