❀ තිස්‌පස්වෙනි දිගහැරුම ❀

1.2K 180 125
                                    

එදා රෑ කෑම කාලා එහෙම කට්ටියත් එක්ක මූවි එකක් බලමු කියලා ගියාට ඒක නිකන් ඉන්දියානු පකිස්තානු දේශසීමා යුද්දයක් වගේ වුණා.... මායි දිල්මෙත් අයියයි දීප් අයියයි එක පැත්තක ඉද්දි දුල්ෂි අක්කයි එල්ෂි අක්කයි ලීනා අක්කයි එක්කම ජනීෂ අයියා එක පැත්තක... කාශ්මීරේ වගේ ඒ මැද්දෙන් විමුක්ති අයියා... ඒකා දෙපැත්තටම නෑ.... බලන්න ගත්තේ හොල්මන් එකක් උනාට ෆිල්ම් එක ගලන් ගියේම රැවිලි එරවිලි එක්ක...

පහුවදා උදේ ආපු අය පිටත්වෙන්න ලෑස්ති වෙලා තිබුනා..යන්න කලින් දීප් අයියට දිල්මෙත් අයියා එක්ක කතාකරන්න මොනවද තියෙනවා කිව්ව හින්දා එයාලට කතා කරගන්න දෙයක් කතා කරගන්න දීලා මං පැත්තකට වෙලා හිටියා...

දීප් අයියා කතා කලේ දිල්මෙත් අයියා එක්ක වුනාට එයාගේ ඇස් තිබ්බේ මං දිහාට. ඒවා සැරින් සැරේට මං දිහාට කැරකෙන හැටි මාත් ඇස් කොනින් දැක්කා...

"අපි යනවා පොඩි බ්‍රෝ..."

අර දෙන්නා දිහා බලාන හිටපු මගේ පිටට තට්ටුවක් දාන් විමුක්ති අයියා ගිහින් වාහනේට  බෑග් දෙක තුනක් දැම්මා..

තවත් ටික වෙලාවකින් අනිත් අයත් ඇවිත් යන්න පිටත් වෙද්දි දීප් අයියා එක්ක මාත් කතා කරන්න කියලා ලෑස්ති වුනාට මොකද අයියට යනවා කියලා මේ මනුස්සයා දඩිබිඩියට ගිහින් වාහනේට එකට නැග්ගේ මං කියලා එකෙක් එතන හිටියද කියලවත් දැක්කේ නැති ගානට..... මුගේ ලොකුකම....

ආපු අය ගියාට පස්සේ නිකන් අනෝරා වැහි වැහලා පෑව්වා වගේ.... හම්මෝ පුදුම නිදහසක් දැනෙන්නේ... මං අත් දෙකත් දෙපැත්තට කරලා ඇඟමැලි කඩද්දි දිල්මෙත් අයියා ඇවිත් අර විමුක්ති අයියා කරනවා වගේ බෙල්ල වටේ අතක් දාලා වැලමිට ළඟින් මගේ බෙල්ල හිරකරගත්තා...

"අලුත් එකක් පටන්ගත්තද..."

"මොකද ඔච්චර සතුටින්..."

"හරි නිදහස්..."

"චූටි හිටියේ ආපු අය යනකන්ද.,"

"ඒ වගේ..."

මං අයියගේ අතත් අහකට දාලා ගේ ඇතුලට ගියා... එදා උදේ වරුව ගෙදර හිටියට අපි දවල් වරුවේ නම් ගෙදරින් එළියට ගියා...ඒ ගියාම අපේ ගෙදර අයට අරන් යන්න ගොඩක් දේවල් ගත්තා.... මටනම් තිබ්බෙම මොවනවහරි දෙයක් දිහා බලන් ඉන්න විතරයි... ඒ තත්පරෙන් අයියා අහනවා ඕනිද කියලා... එතකොට මට‍ තියෙන්නේ නෑ නෑ මං මේ නිකමට බැලුවේ කියලා කියන්න විතරයි... ඊටපස්සේ ඒක නැවතුනේ වාහනෙන්... මාත් ඉතින් දිල්මෙත් අයියා සල්ලි විසිකරන හැටි බලන් හිටියා...කමක් නෑ රස්සාවක් කරන්න ගත්තම මට‍ බැරියෑ මේ මනුස්සයව බලාගන්න....මං එහෙම හිතලා හිත ශේප් කරගත්තා...

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|Where stories live. Discover now