"අනේ අම්මේ..."
මගේ කෑගැහිල්ල පිටට ඇහුනද නැද්ද කියලවත් මං දන්නේ නෑ... අර අද්භූත ඡායාව එකපාරටම මං දිහාවට හැරුනා... ඇස් දෙකක්වත් නහයක්වත් පේන්න නොතිබුණු වැහැරිලා ගියපු විරූපී මූණක් මට දත් විලිස්සලා ගෙරෙව්වා... බයටම පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් හැරිලා දුවද්දි එතනම පය පැටලිලා ඇදන් වැටුනා... පොළොවේ වැලි කාගෙන ගේ පැත්තට පැනගන්න හදනවා හැරෙන්න වෙන විකල්පයක් තිබ්බේ නෑ...
ඒ එක්කම මගේ කෑගැහිල්ල ඇහිලා වෙන්න ඇති මිස්ටර් ඩෙවිල් දුවන් එද්දි අම්මයි අනුධයිත් ඒ පස්සෙන් දුවන් ආවා.... මිස්ටර් ඩෙවිල් මං ලඟට දුවන් ඇවිත් මොකුත්ම නාහා මගේ කිහිල්ල යටින් අත් දාලා මාව ඒ ඇඟට වාරු කරගද්දී මාත් ඒ ඇඟට බර දීලා නැගිටගත්තා...
මගේ පපුව රේස් දුවපු අස්සයෙක්ට පරාදයි... ඉහෙන්කනින් දාඩිය වැක්කරෙනවා.. ඒ මදිවට බය වෙච්ච නිසාද කොහෙද දාඩිය අස්සෙත් හීතලක් එක්ක ඔලුව ඇතුලෙන් කීන් ගානවා වගේ දැනෙනවා....
"මොකද මල්ලි වුනේ...."
මං තාම මිස්ටර් ඩෙවිල්ගේ අත් වලට වාරුවෙලා... ඇත්තටම මගේ දණිස් දෙකට පණ නෑ මාව දරන් ඉන්න... අනුධයත් ඇවිත් මිස්ටර් ඩෙවිල්ට එහාපැත්තෙන් මාව වාරු කරගද්දී මං ඒ දෙන්නගේ උදව්වෙන් ගෙට ගොඩවුණා... අම්මනම් තාමත් බලන් ඉන්නේ අර පහන් පැල දිහාව... ලොකුත් ඇවිත් ඉස්තෝප්පුවේ පුටුවකින් මට ඉඳගන්න උදව්කලා..
"මොකද බං..."
"කෑ ගැහුවේ ඇයි මල්ලි.."
එතකොට තමයි මාත් ඉස්සරහා බැලුවේ... පහන් පැල ළඟ ගෑනියෙක් තියා කූඹියෙක්වත් නෑ... ඒත් මට විශ්වාසයි මං දැකපු දේ...
අම්මා තාම ඒ පැත්ත බලන් ඉන්නවා.. අම්මගේ තොල් අතරේ එයා මොනවද මුමුණනවා... මං වැටිච්ච පාරට වෙන්ටෑ මගේ දනිස්සක් පලු ගිහින්... ලේ වැක්කරෙනවා ඕසේට...
ඒ අස්සේ කටේ කෙලත් හිඳිලා.... මිස්ටර් ඩෙවිල් හිටියෙත් මට ඉස්සරහ දණිස් නමන් ඇණ තියාගෙන.. අනුධයත් මගේ පුටු ඇන්දෙන් ඉඳගෙන... මං මොකුත් නොකියා කටින් හුස්ම අල්ලන නිසා වෙන්න ඇති ලොකු ඉක්මනට ගිහින් වතුර වීදුරුවක් ගෙනාවා... මීට ටිකකට කලින් තිබහක් කියලා දෙයක් අහලකවත් නොවුනත් ලෝකේ තිබ්බ අන්තිම වතුර බින්දුව මට ලැබුනා වගේ එක හුස්මට බීගෙන බීගෙන ගියා... ඒ අස්සේ ලොකූ මගේ ඔලුව අතගානවා... මටම දැනුනා දැන් නම් කලින්ට වඩා හොඳයි හරි වගේ කියලා...
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30