"දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..."
මං හිතුවේ නෑනේ මැරෙන්න කලියෙන් මාර දූවරු තුන්දෙනාව ඇස් දෙකට දකින්න ලැබේවී කියලා... එකයි දෙකයි තුනයි... එක මදිවට තුනක්ම ඉන්නවා...
ගෙදරට ඇවිත් නිදහසේ වරුවක් ඉන්න ලැබුනේ නෑනේ... මේ ගෑනි මෙහෙටත් කඩන්පාත් වෙලා..
මං කුස්සියට යද්දි ජනපද කල්‍යාණි මෙන්න අපේ කුස්සියේ.. ඒකත් තනියම නෙමෙයි ඒකිගේ තනිවට තව දෙන්නෙක් එක්කන් ඇවිත්... විශ්වාස කරගන්න බැරුවට හීනෙන් පේනවද කියලා බලන්න මං ඇස් පිහදාලත් දෙතුන්පාරක්ම බැලුවා....
"ඔය ඇහැරලා තියෙන්නේ... බලන්නකෝ චූටි කවුද ඇවිත් තියෙන්නේ කියලා..."
අම්මගෙනම් ඉහේ මලක් නෙමෙයි මල් යායක්ම පිපිලද කොහෙද.. අර තුන්දෙනා මාව දැක්කම මං දිහා බලන් හිටියේ හරියට හඳෙන් ගොඩබැහැපු එකෙක් දිහා බලන් ඉන්න ගානට... මාත් පොඩ්ඩක් මංතුමා දිහා බැලුවම තමයි මතක් වුණේ මේ ඇහැරිච්ච ගමන් නේද කියලා... සාධාරණයි ඉතින් ඔහොම බලන එක... එහෙමයි කියලා දැන් මං සැලෙන්න ඕනිද මෙතන...
මාත් බොරු සිරික්කියක් දාලා ආපු දිහාටම යන්න හැරුනා...
"කොහෙද චූටි යන්නේ... මේ දරුවෝ එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න... මේ... මේ දූලා දෙන්නම ඔයාගේ වයසේ...."
දැන් මගේ වයසේ උනා කියලා මොකෝ මං මුන් දෙන්නව කරකාර බඳින්නද... දෙන්නගේ මූණු දිහා බැලුවම නගුලකට බැඳගන්න නම් ගානට ගැලපෙනවා....
උන් දෙන්නා මීට කලින් මාව දැකලා නෑනේ... ජනපද කල්‍යාණි හැටට හැටේ මට ඔරවද්දි අරුන් දෙන්නා නම් හිනා වෙනවා... ඒත් මට මේ තාම හිතාගන්න බැරි මුන් දෙන්නා මාත් එක්ක හිනාවෙනවද... නැත්තං මට හිනාවෙනවද කියලා...
මං වචනයක්වත් නොකියා ආපහු දත් සෙට් එක විරිත්තුවා... තාම දත් මැදලත් නෑ... ඒත් කමක් නෑ...මං කියලා වෙන මොනව කියන්නද මුන්ට...
"කෝ ලොකු අක්කා..."
"අක්කා උදේම ගියා අද ඉස්කෝලේ... දැන් දවස් දෙකතුනක් නිවාඩු දැම්මත් එක්කනේ... අද මොනවද උදේම ගිහින් කරන්න තියෙනවා කියලා ඔය ගියේ..."
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Nonfiksiවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30