❀ විසිහයවෙනි දිගහැරුම ❀

2.6K 270 172
                                    

මං ඔහේ  සිවිලිම දිහා බලන් හිටියා.... මට මතක් වුණේ මිස්ටර් ඩෙවිල් මුලින්ම අපේ ගෙදරට ආපු දවස.... එදා ඉඳලා මේ මාස පහට කොච්චර දේවල් සිද්ද වුනාද....

මට දැනුනේ මහ කාලකන්නි පාළුගතියක්.... ඒක වචනෙන් මෙහෙමයි කියලා විස්තර කරන්න තේරෙන්නෙත් නෑ... හරියට වෙන ලෝකෙක ඉඳලා එකපාරටම මාව ඇදලා ගත්තා වගේ.... මිස්ටර් ඩෙවිල් ඉද්දි නොතිබුණු අමුතු වෙනසක් ගෙදර සිද්දවෙලාද කොහෙද....

ඒත් ඇයි එයා මට එහෙම කතා කලේ... ඇයි අයියේ ඔයාටවත් මගේ පැත්ත ගන්න බැරි වුණේ... ඇයි චූටි එහෙම කලේ කියලා එකම එකවතාවක්වත් අහන්න තිබ්බා ඔයාට... ඔයත් ගත්තේ නේහගේ පැත්ත... ඔයාට තේරෙන්නේ නෑ මට දැනෙන විදිහ.... ඔයා දැක්කේ අර කෙල්ලට වෙච්ච දේ විතරයිනේ.... හැමෝම එකයි.... කාටවත් වගක් නෑ මං ගැන....... අඩුමතරමේ ඔයාටවත් මං ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා තේරුම් ගන්න තිබ්බා....

අන්තිමට මට කියන්නෙවත් නැතුව යන්න තරම් ලොකු වැරද්දක්ද මං අතින් වුණේ..... මට නේහට කරදරයක් කරන්න ඕනි වුණේ නෑ.... හීනෙන්වත් නෑ.......

මං මගේ මූණ උඩ තියන් හිටිය කොට්ටේ තවත් මූණට තද කරගත්තා...

මනුස්සයෙක්ට කවදාවත් තමන් ගැනම අනුකම්පාවක් දැනෙන්න හොඳ නෑ..... ඒක මහ නරක හැඟීමක්.. ඒත් දැන් මට.... මට මංම පව් කියලා හිතෙනවා.....

"චූටි... උදේට කෑවෙත් නැතිලු.... දැන් දවල්ට කාලත් නෑ තව.... මොනව කරනවද කන්නෙත් නැතුව කාමරේ අස්සට වෙලා...."

ලොකු අක්කගේ කටහඬ කාමරේ අස්සෙන් ඇහෙද්දි මං තදට කොට්ටේ මූණට තවත් තුරුල් කරගත්තා... ඉඳලා හිටල ඇස් වලින් ආපු කඳුළු බින්දු දෙක තුනකින් කොට්ටේ යන්තමට තෙත් වෙලා... මට ඒක මූණට දැනුනා...

"මොනව කරනවද... නිදිද... මෙහෙ දෙනවා ඕක..."

ලොකු අක්කා ඇවිත් මගේ මූණෙන් කොට්ටේ අයින් කරන්න හදද්දි මං ලොකු අක්කගේ අත පැත්තකට කරලා දැම්මා...

"මොකද මල්ලි වෙලා තියෙන්නේ ... මොකද එකපාරටම... අසනීපයක්ද.."

"මට ඇති අසනීපයක් නෑ..."

මගේ කටහඬ වෙවුලනවා... ඒත් ඒක ලොකු අක්කට නොදැනෙන විදිහට පුළුවන් උපරිමෙන් මං කතා කලා..

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|Where stories live. Discover now