ආලයේ ගාථා
07වන දිහහැරුමලොකු අම්මලයි අම්මයි අත්තම්මයි මේ හැමෝම කිරි අම්මා දානෙට කැවිලි හදන වැඩ වලට උදේ ඉදන්ම කාර්‍යබහුල වුණා.ඒ වැඩවලට අපිට පුළුවන් උදව් ටික කරලා අනිත් වැඩ ටික කරා.කිරිඅම්මා දානෙට එන කිරි අම්මාවරුන් ට දෙන පලතුරු වට්ටි,කැවිලි වට්ටි හදන්න ප්ලාස්ටික් කූඩ ටික පිරිසිදු කරලා,කැවිලි හදලා ඉවර වෙනකම් මායි සඳුයි අයියලා දෙන්නයි පලතුරු වට්ටි ටික හැදුවා.ඒ ටික පිළිවෙලකට හදලා ප්ලාස්ටික් කවර වලින් රැප් කරලා පැත්තකින් තිබ්බා.හෙට උදේ වෙද්දි හැමදේම සූදානම් කරන්න ඕනි නිසා හැමෝම එක එක වැඩ එක්ක කාර්‍යබහුල උනා.කොහොමින් කොහොම හරි හවස් වෙද්දි කැවිලි ටිකත් හදලා ඉවර වුණ නිසා ඒ ටිකත් කූඩ වලට අහුරලා රැප් කරලා පැත්තකින් තිබ්බා....
"පුතේ හංදියට ගිහින් සරත් අංකල්ලගෙ ගෙදර තියෙන තැඹිලි ඉත්ත අරන් එන්න..."
"කපලද තියෙන්නෙ අම්මේ "
"ඔව් උදේ මං කෝල් කරලා කිව්වා.දැන් කපලා ඇත්තෙ.කාර් එකේ යන්න.අහ් තව ගොක් අත්තකුත් ඇති ඒකත් අරන් එන්න."
"අහ් හරි අම්මේ"
"මල්ලි මාත් එන්නම්"
"හා යමු"
ශාක්‍ය අයියයි මායි දෙන්නා සරත් අංකල්ලගෙ ගෙදරට යනකොටත් ආන්ටියි අංකලුයි දෙන්නා මිදුලෙ හිටියේ...
"අංක්ල්"
"අනේ පුතේ.ගොඩ කාලෙකින් නෙ දැක්කෙ.කොහොමද දරුවො කැම්පස් එකේ වැඩ එහෙම දැන්"
"කරගෙන යනවා ඉතින් අංකල්.කෝ අක්කයි අයියයි එහෙම"
"දුව කොළඹ පුතේ දැන් වැඩ.පුතානම් යාලුවො එක්ක රිවස්ටන් ගියා ඔන්න අද"
"අහ් අක්කා එහෙද දැන්.මතක් කලා කියන්නකො එහෙනම් කතා කළාම"
"හරි පුතේ මං කියන්නම්.මේ පුතාගෙ යාලුවෙක් ද?"
"ඔව් අංකල්.කැම්පස් එකේ යාලුවෙක්"
"අංකල් අම්මා පණිවිඩයක් කිව්වද?""ඔව් පුතේ මං මේ බල බල ඒත් එනකම්.උදේ මං ගහෙන් බෑවේ.ඉන්නකො ගෙනත් දෙන්න"
"හරි අංකල්"
"ආ මෙන්න පුතේ.ගෙඩි 20ක් තියනවා.ඇතිනේ"
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)