ආලයේ ගාථා
තුන්වන දිගහැරුමලෝකෙ හැමදේම රඳා පවතින්නෙ ආදරේ මත.මිනිස්සු විදිහට අපි ඉපදුණ දසෙ ඉඳන් මැරෙනකන්ම ආදරේ එක්ක ජීවත් වෙන්නෙ.මිනිස්සු විතරක් නෙවේ සතා සිව්පාවා පවා ආදරේ ලඟ මෙල්ල වෙනවා.ඉතින් ආදරේ කියන්නෙ මුලු මහත් ලෝකයේ සෑම සතා සිව්පාවෙක්ම දන්නා විශ්වීය භාෂාවක්.ඒ භාෂාවෙ මුල් අකුරු අම්මා උගන්නන්න ගත්ත දවසෙ ඉඳන් ඉතිරි කාලයේ මුණ ගැසෙන මිනිසුන් එහි හෝඩිය පුරවන්න පටන් ගන්නවා...
මිනිස්සු ජීවිතේට එනවා,අපි එක්ක ඉන්නවා,සමහරු අපිව දාලා යන්න යනවා.එතනින් පස්සෙ ජීවිතේ ඒ කෙනා නැතුව ඉස්සරහට යන්න හරි අමාරුයි.මොකද මාස,අවුරුදු ගණන් උදේ ඉඳන් රෑ වෙනකම් අපි අපේ ජීවිතේ බෙදාගත්ත,දවසෙ සිදුවූ සියළුම දේ තොර තෝංචියක් නැතුව කියවපු,කොයි වෙලාවෙත් අපි ලඟින්ම හිටපු කෙනෙක් එක මොහොතකින් නැතිවුණාම අපිට ලොකු ආගන්තුක බවක් දැනෙන්න ගන්නවා අපේම ජීවිතේ.ඉතින් මං අහන්නෙ එහෙම නොවුණොත් නේද පුදුම වෙන්න ඕනි...?
හිමංස මතීෂගෙ වෙන්වීම කොහොම දරාගන්න ඇතිද.තවමත් මතීෂ හිතට එකඟව හිනාවෙන්නෙ නැතුව ඇත්තෙ ඔහුට ඔහුගේ අතීතය ලේසියෙන් අමතක කළ නොහැකිනිසා වෙන්න ඇති.කොහොම වුණත් සමහර හිස් තැන් පුරවන්න යනවට වඩා ඒ හිස්තැන් ඒ විදිහටම හිස්ව තිබුණදෙන් කියලා හිමංස තවමත් හිතනවා ඇති.ශාක්‍ය හිමංසට ලංවෙන්න හදන හැම වෙලාවකම හිමංස හදවතක් නැති අයෙක් මෙන් හැසිරෙන්නෙ මතීෂ නිසා පිරිලා තිබුණු ඒ ජීවිතේ මතීෂගෙ හිස්තැන වෙන කාටවත් දෙන්න බැරි නිසා වෙන්න ඇති.ආදරේ ලස්සනයි වගේම ආදරේ මිනිස්සුන්ගෙන් පළිගන්න ගත්තම ඒ ලස්සන ආදරේ කළු පාට සෙවණැල්ලක් කියලා මිනිස්සුන්ට හිතෙනවා ඇති.....
"හිමංස මල්ලි පුලුවන් නේද ශාක්යව එක්කන් යන්න..."
"පුලුවන් අරුන් අයියේ.ඔයාලා පරිස්සමට හොස්ටල් එකට යන්න එහෙනම්.මං අයියා එක්කන් යන්නම් "
" හරි මල්ලි.පරිස්සමට පලයන් උඹලත් "
මම ශාක්‍ය අයියවත් දාගෙන බෝඩිමට ආවා.ඒ ඇවිත් අයියගෙ අතට සර්ජරි ග්ලවු එකක් දාලා එයාට වොෂ් එකක් දාගන්න කියලා එයා වොෂ් එකක් දාගෙන එනකම් අපි දෙන්නට බොන්න ටී දෙකක් හැදුවා.ෆ්‍රිජ් එකේ තිබ්බ ටියාරා කේක් එකෙන් කෑලි 4ක් විතර කපලා ඉතුරු ටික අයෙම ෆ්‍රිජ් එකට දාලා ටී දෙකයි කේක් එකයි ට්‍රේ එක්කට දාලා කාමරෙන් අරන් ගිහින් තිබ්බා.ඉස්සරනම් ටියාරා කේක් කිව්වම කටට කෙලත් උණනවා නේද.ඒත් දැන් මං හිතන්නෙ ටියාරා කේක් රෙසපිය හදන්නෙ සූර පප්පා එකේ මකබාසුයි උගෙ ගෝලයයිද මන්දා.දැන්නම් කිසිම ෆ්ලේවර් එකක් නෑ.තනිකරම ජරාවක්.එක්කො මගෙ රසාංකුර වල ප්‍රශ්නයක්.ඇත්තටම ටියාරා කේක් වලට වඩා බටර් කේක් රසයි දැන්නම්.
YOU ARE READING
ආලයේ ගාථා 🖤 Completed ✔️ Non Fiction Bl
Romanceමම, කිසිවෙකු ජීවත් වීමට තෝරා නොගන්නා ශීත කාන්තාරයක්...❄️ නුඹ, ඒ බව් දැන දැනම මිඳුණු අයිස් මත පිපෙන්නට වරම් ගත් ඩැෆඩිල් මලක්....🏵️ (වස්සාන සුළඟ season 2)